ඕමානයේ 46 වැනි ජාතික දිනය



ඕමානයේ 46 වැනි ජාතික දිනය ඊයේ (18) දින මහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලැබුයේ මුළු ඕමාන රාජ්‍ය පුරාම  එරට ජාතික කොඩි වලින් සරසමිනි.

එරට ජාතික දින ප්‍රධාන සැමරුම් උත්සවය ඕමානයේ නායක සුල්තාන් කාබූස් බින් සෙයිද් රජතුමන්ගේ ප්‍රධානත්වයෙන් මස්කට් නුවර හල්බාන් හි  හිසන් අල් සුමූද් ක්‍රීඩාංගනයේදී පැවැත්විනි. එහිදී යුද හමුදා ආචාර පෙළපාලියක් සහ ආචාර වෙඩිමුර දැක්වීමක්ද සිදු කෙරිණි. මෙම ආරක්ෂක ආචාර පෙළපාලිය සදහා සුල්තාන්වරයාගේ ආරක්ෂක හමුදාව ,ඕමානයේ රාජකීය ආරක්ෂක සේවය ,එරට රාජකීය පොලීසිය සහබාගී විණි.

නගර ගම් දනව් සිසාරා තම නිජ බිමෙහි ජාතික දිනය සැමරූ  එදින එරට රාජ්‍ය නිවාඩු දිනයක් ලෙසින් නම් කර තිබිණ. ඉතා උද්යෝගයෙන් සැමරූ මෙම ජාතික දිනය වෙනුවෙන් දෙස් විදෙස් පුරවැසියන්ද  විවිධ සංස්කෘතික සහ ආගමික ස්ථානවල සැමරුම් උත්සව සංවිධානය කර තිබිණ.

එහිදී රැස්ව සිටි ඕමාන ජනාතාව ඇමතූ සුල්තාන්වරයා කියා සිටියේ විවිධ අභියෝග හමුවේ සියලු අංශයන් හි ප්‍රබෝධයක් ඇති කිරීමටත් , රට දියුණු කිරීමට  සැම දෙනා ලබා දුන් දායකත්වයට ප්‍රශංසාව පළකළේය

.

සෑම විටම, පුරවැසියන්ට නවීන සේවා සැපයීමටත්  ,ආර්ථික විවිධත්වයක් රට තුළ නිර්මාණය කිරීමටත් , රට තුළ ආයෝජන වැඩිකිරීමටත් ,රාජ්‍ය පරිපාලනයේදී පුරවැසියන් තීරණ ගැනීමේ සහභාගී වීමට ඉඩ සැලසීම ඉකුත් 46 වසර පුරා සිදුවූ බවද ඕමාන් සුල්තාන් කාබූස් බින් සෙයිද් කීය.
 

46 වැනි ජාතික සැමරුම පවත්වන ඕමානය ඉදිරි පස් අවුරුදු කාලයක් සදහා සංවර්ධන සැලැස්ම (2016-2020) යටතේ පුරවැසියන්ගේ වැටුප් වැඩි කිරීම ,නිෂ්පාදන අනුපාතයේ ඉහල දැමීම සහ කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර සදහා සහාය, සමාජ අංශයන්හි දියුණුව පිළිබදව අවධානය යොමු කර ඇත.
මේ අතර, ඕමානයේ  2014 වසරේ සිට රටේ ආදායම සියයට 36 කින් අඩු වීමට බලපෑ තෙල් මිල පහත වැටීම ගැන අවධානය යොමු කරමින් තෙල් මත යැපෙනවාට වඩා වෙනත් විවිධ සම්පත් ඔස්සේ ආර්ථිකයට දායක කර ගැනීමට  ඕමාන සුල්තාන්වරයා ගේ අවධානය යොමු වී ඇත.
 

ඕමාන ජාතික දින සැමරැම වෙනුවෙන් එළැඹෙන සති අන්තයේ දී මස්කට් නුවර ඇතුළු ප්‍රධාන නගර රැසක විවිධ උත්සව සංවිධාන කර තිබිණි.

( තිළිණි ද සිල්වා )

ටයිම්ස් ඔෆ් ඹ්මාන් ඇසුරෙනි.....

 


RECOMMEND POSTS