ඕමානයට ගොඩගැසූ දැවැන්තයා



හප්ම් බෑක් (මොල්ලි තල්මසා) තල්මසකුගේ මළසිරුරක් ඕමානයේ අල්-අෂ්කාරා නගරයේ රාස් ජාෆන් වෙරළ තීරයට බඳාදා (මැයි31) ගොඩ ගසා ඇති බව ටයිම්ස් ඔෆ් ඕමාන් පුවත්පත වාර්තා කළේය.

මොල්ලි තල්මසාගේ මරණයට හේතු වූ කරණු මෙතෙක් හමු වී නොමැති බව ඕමාන් පරිසර සංගමය ප්‍රකාශ කළේය.

මුහුදු පරිසර පද්ධතිය පැවැත්මට විශාල දායකත්වයක් ලබා දෙන සත්වයෙක් ලෙස මොල්ලි තල්මසා හැදින්විය හැක.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි


RECOMMEND POSTS