උණුසුම් පිළිගැනීමක්



උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවරට ගිය දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් සහ බිරිඳ කිම් ජොන් සුක් ට උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

දකුණු කොරියා ජනාධිපති සහ ආර්යාව පිළිගැනීමට උතුරු කොරියා නායක කිම් ජොන් උන් යොංග්යැංග් අගනුවර ගුවන්තොටුපොළට පැමිණ සිටියේ බිරිඳ රී සොල් ජූ ද සමඟය.

දකුණු කොරියා ජනාධිපතිවරයා පිරිවරාගෙන 200 කට වැඩි එරට රාජ්‍ය නියෝජිතයෝ පිරිසක් ද උතුරු කොරියාව බලා පැමිණියහ. කොරියා අර්ධද්වීපය උතුරු සහ දකුණු වශයෙන් බෙදී වෙන් වූයේ කොරියා යුද්ධය 1953 වසරේ දී නිමාවට පත් වීමත් සමඟය.

1953 වසරෙන් පසු කිසිදු දකුණු කොරියා රාජ්‍ය නායකයකු උතුරු කොරියාවට පැමිණ තිබුණේ නැත. එහෙයින්, දකුණු කොරියා ජනාධිපතිවරයාගේ මෙම යොංග්යැංග් සංචාරය ලෝක දේශපාලනයේ ඓතිහාසික සිදුවීමක් බව පැවැසෙයි. දකුණු කොරියා ජනාධිපතිවරයා, ආර්යාව ඇතුළු නියෝජිත පිරිස දින තුනක් උතුරු කොරියාවේ රැඳී සිටිනු ඇත.

(රොයිටර්ස්)


RECOMMEND POSTS