ඉරානයට යන්න හැදූ ගායිකාව අත්අඩංගුවට



ලොව සෑම රටකට ගොස් ගීත ගායනා කරමින් ලෝක සවාරියක යෙදෙන බි‍්‍රතාන්‍ය ගායිකා 32 හැවිරිදි ජොස් ස්ටෝන් ඉරානයට යෑමට ද උත්සාහ කළ නමුත් ඉරානයට ඇතුළුවීමට ඉඩ නොදී ඉරාන ආරක්ෂක අංශ ඇය අත්අඩංගුවට ගෙන ඇත.

ජොස් ස්ටෝන් ඇගේ මෙම පස් අවුරුදු ලෝක සවාරියේ දී රටවල් 200 කට ගොස් ගීත ගායනා කිරීමට බලාපොරොත්තු වෙයි.

මීට මාස කීපයකට පෙර ඇය උතුරු කොරියාවට ද ගියාය.

ඉරානයට ඇතුළුවීමට සැරැසෙද්දී, ජොන් ස්ටෝන් ඇතුළු ඇගේ කණ්ඩායම ඉරාන හමුදාව විසින් අත්අඩංගුවට කර ප‍්‍රශ්න කළ බවත්, පසුව ආපසු හරවා යැවීමට පියවර ගත් බවත් පැවැසෙයි.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS