ඉරානයට පහර දුන්නේ අයි.එස්. ත්‍රස්තයෝ



ඉරාන පාර්ලිමේන්තුවට සහ ඉරාන උත්තරීතර නායක කොමේනීගේ සොහොන් ගැබට කඩා වැදී වෙඩි තබා බෝම්බ පුපුරුවා ගත්තේ තම සාමාජිකයන් යැයි අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය කියයි.

එල්ල වුණු එම ත්‍රස්ත ප්‍රහාරයෙන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 35 කි. මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව පැවැසෙයි.

ෂියා මුස්ලිම් රාජ්‍යයක් වන ඉරානය, සිරියාවේ රජයානු රජයට සහාය දක්වමින් එරට ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන අයි.එස්. ත්‍රස්තවාදීන් සමඟ සටන් වදී.

ඊට පළිගැනීමක් ලෙස අයි.එස්. හිතවාදී සුන්නි සටන්කාමීන් මෙම ප්‍රහාර එල්ල කළ බව පැවැසෙයි.

ඒ අනුව ඉරානයට එල්ල වුණු පළමු අයි.එස්. ප්‍රහාරය මෙය වනු ඇත. අයි.එස්. ත්‍රස්තවාදීන් තෙහෙරාන් නුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී වෙඩි තබන සහ බෝම්බ පුපුරුවා ගන්නා අයුරු දැක්වෙන වීඩියෝ දසුන් සස ඡායාරූප මේ වනවිට ඉරාන ආරක්ෂක අංශ විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබ ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS