ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ගැන සාකච්ඡා



ඉරානය න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඉරාන රජයේ නියෝජිතයන් සහ බටහිර රටවල නියෝජිතයන් අතර සාකච්ඡා වටයක් ඊයේ (25) ඔස්ටි්‍රයාවේ වියානා නුවරදී ආරම්භ විය.

ඉරාන නියෝජ්‍ය විදේශ ඇමැතිවරු වන අබ්බාස් අරක්චී සහ මජිල්ඞ් කන් ඊ රවන්චි සාකච්ඡා සඳහා එක් වී සිටියහ.

ඉරානය සමඟ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සමඟ සාකච්ඡා පවත්වන සෙසු රටවල් වන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් පස් දෙනාය. ඒ, චීනය, ප්‍රංශය, රුසියාව, එක්සත් රාජධානිය සහ ඇමෙරිකාවය. ඊට අමතරව ජර්මනිය ද සාකච්ඡා සඳහා සම්බන්ධ වෙයි.

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ලොවට අනතුරක් නොවන අයුරින් කරගෙන යන්නේදැයි සොයා බලන්නේ මොවුන්ය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS