ඉරාන - ශ්‍රී ලංකා රාජ්‍ය නායක හමුවක්



ඉරානයේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඉරාන ජනාධිපති හසන් රුහානි මහතා අතර නිල හමුව ඊයේ (13) සිදු කෙරිණි.

ටෙහෙරාන් නුවර පිහිටි ඉරාන ජනාධිපති මන්දිරය වන Sadabaad Palace වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ඉරාන ජනාධිපති හසන් රූහානි මහතා විසින් ඉතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබීය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් විචිත්‍රවත් පිළිගැනීමේ උත්සවයක් මෙහිදී සංවිධානය කර තිබුණි.

නායකයින් දෙදෙනා අතර සුහද කතා බහකින් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිනි.

සිය සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එරට වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන විශේෂ ආයෝජන හා ව්‍යාපාරික සමුළුවකට ද එක්වීමට නියමිතය.

තිළිණි ද සිල්වා

ඡායාරූප - සුදත් සිල්වා


RECOMMEND POSTS