ඇමෙරිකා දුම්රියක් පීලි පැනලා



වොෂින්ටන් ප්‍රාන්තයේදී ඇමෙරිකා මගී දුම්රියක් සිය මංගල ගමනේදී පීලි පැනීමකට ලක්වීමෙන් මහා අනතුරක් සිදුවිය. දුම්රිය සියැටල් නුවර සිට ධාවනය වෙමින් තිබුණු බව ද පැවැසෙයි.

අනතුරින් 20 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 100 කට ආසන්නය.

සීඝ්‍රගාමී මෙම දුම්රිය පීලි පැනීමට ලක් වූයේ උදෑසන කාර්ය බහුල අවස්ථාවේදීය. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ ඇමෙරිකාවේ වේලාවෙන් උදේ 6 ට පමණ අනතුර සිදුවුණු බවය.

දුම්රිය මාර්ගයට පහළින් අධිවේගී මාර්ගය දිවෙන අතර, පිලි පැනීම සිදුවෙද්දී, පිටතට විසිවුණු දුම්රිය මැදිරි අධිවේගී මාර්ගයේ වාහන මතට පතිත වී තිබේ. එම අවස්ථාවේදී අධිවේගී මාර්ගය ද වාහනවලින් පිරී තිබුණු බව පැවැසෙයි.

අනතුරින් දුම්රියේ ගමන් කළ මගීන් පමණක් නොව, අධිවේගී මාර්ගයේ වාහනවලින් ගමන් කළ පිරිස් පවා ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූහ. අනතුර සම්බන්ධයෙන් ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිය කනස්සල්ල පළ කළේය.

ඇමෙරිකන් මුදල් මැදපෙරදිග කලාපයේ සංවර්ධනයට යොදවද්දී, රටේ යටිතල පහසුකම් දිනෙන් දින දුර්වල වීම මෙම අනතුරින් තවත් තහවුරු වන බවත්, තමා එය වෙනස් කරන බවත්, ඉතා ආරක්ෂාකාරී දුම්රිය සේවාවක් පිහිටුවන බවත් ට්‍රම්ප්ස් ට්විටර් පණිවුඩයකින් දන්වා ඇත.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS