ආර්චි බබාගේ පළමු විදෙස් සංචාරය



දකුණු අපි‍්‍රකාවේ කේප්ටවුන් නුවර නිල සංචාරයක යෙදෙන බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි හැරී කුමරු සහ බිරිඳ සසෙක්ස් ආදිපාදවරිය මේගන් මාකෙල් දකුණු අපි‍්‍රකා අගරදගුරු ඩෙස්මන්ඞ් ටුටූ හමුවීමට ගියහ.

හැරී කුමරු සහ මේගන්ගේ සිවුමස් හැවිරිදි සිඟිති පුතු ආර්චී ද මෙම අපි‍්‍රකා සංචාරයට එක් වී සිටී.

ඩෙස්මන්ඞ් ටුටූ අගරදගුරු හමුවට යද්දී හැරී කුමරු සහ මේගන් මාකෙල්, පුතු ආර්වී ද රැගෙන ගියහ. ආර්චි ප‍්‍රසිද්ධියේ පෙනී සිටි පළමු අවස්ථාව ද මෙය වුණු අතර මෙය ආර්චිගේ පළමු විදෙස් සංචාරය ද වෙයි.

මෙම අවස්ථාවට ඩෙස්මන්ඞ් ටුටූගේ දියණිය තන්ඬේකා ද එක් වී සිටියාය. ටුටූ නෙල්සන් මැන්ඩෙලාගේ සමකාලිනයෙකි. වර්ණභේදවාදය තුරන් කිරීම වෙනුවෙන් කැපවුණු ටුටූ නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබ ඇත.

හැරී මේගන් යුවල අපි‍්‍රකා රටවල් කීපයක සංචාරය කරන්නේ සමාජ සේවා වැඩසටහන් කිහිපයකට සම්බන්ධ වෙමිනි. ඉදිරි දින කීපයේදී ඔවුන් බොට්ස්වානා, ඇන්ගෝලා සහ මලාවි යන අපි‍්‍රකා රටවලට යෑමට ද නියමිතය.

ලුසිත ජයමාන්න
(ඬේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS