ආයෝජන සඳහා එන්න



 
ශ්‍රී ලංකාවේ ආයෝජන සදහා පැමිණෙන්නැයි කුවේටයේ ශ්‍රී ලංකා තානාපති  කේ .බාලසුබ්‍රමනියම් එරට සිටින කාන්තා ව්‍යවසායිකාවන්ට විවෘත ආරාධනයක් කළේය.
 
දෙරට අතර පවතින ද්විපාර්ශික සබදතා සැලකිල්ලට ගනිමින් ලංකාවේ ආයෝජන සදහා ඉදිරිපත් වන ලෙසද ශ්‍රී ලංකා තානාපතිවරයා එම කාන්තා ව්‍යවසායිකාවන් ගෙන් ඉල්ලා සිටියේය.
 
 
තානාපතිවරයා මේ බව කියා සිටියේ කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ කුවේටයේ ජාත්‍යන්තර කාන්තා සංවිධානය  එක්ව සංවිධානය කළ. සංස්කෘතික පප්‍රවර්ධන වැඩසටහනකදීය.මෙය කුවේටයේ ක්‍රවුන් ප්ලාසා හෝටලයේ ඉකුත් 04 වැනිදා පැවැත්විණි.
 
මෙම උත්සවය කුවේට පාලක පවුලේ රජ සාමාජිකයෙකු වන ෂෙයිකා ෆයිසාල් අන්වර් අල් සබාහ් මහත්මිය සහභාගී වූහ.මීට අමතරව පාලක රජපවුලේ තවත් සාමාජිකයන් , සසුප්‍රසිද්ධ කාන්තා ව්‍යවසායකයින් , දේශපාලන නියෝජිතයින් , එරට සිටින විදෙස් රටවල රාජ්‍යතාන්ත්‍රිකයින් සහ ඔවුන් ගේ බිරින්දෑවරුන් සහභාගී  වූහ.
 
 
මේ සියලු දෙනාට සිලෝන් ටී , ජාතික ස්වර්ණාභරණ අධිකාරිය යේ මැණික් ඇතුළු ලංකාවට ආවේනික වෙළද භාණ්ඩ රුසක් ප්‍රදර්ශනය කෙරිණි.
 
( තිළිණි ද සිල්වා )

RECOMMEND POSTS