ආදිසිසු ක්‍රිකට් තරගාවලිය



එක්සත් එමීර් රජ්‍යයේ , සාජා නගරයේදී 11 වන වරටත් පවත් වනු ලැබූ ඕල්කොට් පාසැල් අදිසිසු සැහැල්ලු පන්දු  ක්‍රිකට් තරගාවලියේ 2018 වසරේ ශුරතා ජයග්‍රණය අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය විසින් ඉකුත් 23 වැනිදා දිනාගන්නා ලදී.

ආනන්ද විද්‍යාලය , නාලන්දා විද්‍යාලය, ධර්මපාල විද්‍යාලය , ධර්මරාජ විද්‍යාලය, ධර්මාශෝක විද්‍යාලය, මහින්ද විද්‍යාලය, මලියදේව විද්‍යාලය සහ රාහුල විද්‍යාලය යන පාසල් වල එක්සත් එමීර් රජ්‍යයේ අදිසිසු ඕල්කොට් පාසල් එකමුතුව වාර්ෂිකව  අති උත්කර්ශවත් අන්දමින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලියේ  2016 , 2017 , 2018 යන වසර තුනේදීම පිට පිට  මෙම  ශුරතා කුසලානය  ධර්මාශෝක විද්‍යාලය විසින් දිනාගැනීම විශේෂ සිදුවිමක් විය.

අවසන් පුර්ව තරග වලදී , නුවර ධර්මරාජ විද්‍යාලය පරදා  මාතර රාහුල විද්‍යාලයත් , කොළඹ ආනන්ද විද්‍යාලය පරදා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබන ලදී.රාහුල විද්‍යාලය සහ  ධර්මාශෝක විද්‍යාලය අතර පැවති අවසන් මහා තරගයෙදී මුලින් පන්දුවට පහරදුන් රාහුල කණ්ඩායම් ඉනිම  සීමිත පන්දුවාර 5 තුල දී  කඩුලු 5 දැවී ලකුණු 46 කට සිමා කිරීමට ධර්මාශෝක කණ්ඩායමේ පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් සමත්වූ අතර ලකුණු 47 ජයග්‍රාහී ඉලක්කයක් හමාගිය ධර්මාශෝක ක්‍රීඩකයින්  පන්දු වාර 3  කුත් පන්දු 3 කදී කඩුලු 3 පමණක් දැවී එම ජයග්‍රහණය ලබා ගන්නාලදී.

ශුරතා කුසලානය : අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය
අනු ශුරතා කුසලානය : මාතර රාහුල විද්‍යාලය
ශුරතා පළග  : කොළඹ නාලන්ද විද්‍යාලය
අනු ශුරතා පළග: පන්නිපිටිය  ධර්මපාල විද්‍යාලය
ශුරතා පලිහ : ගාල්ල මහින්ද  විද්‍යාලය
අනු ශුරතා පලිහ:  කුරුණෑගල මලියදේව විද්‍යාලය
තරගා වලියේ වීරයා සම්මානය - ධර්මාශෝක විද්‍යාලයේ   තනුෂ ප්‍රබෝධ.
තරගා වලියේ හොදම පිතිකරු සම්මානය - ධර්මාශෝක විද්‍යාලයේ පසිදු ප්‍රභාශ්.  
තරගා වලියේ හොදම පන්දුයවන්නා  සම්මානය - ධර්මාශෝක විද්‍යාලයේ නායක සිනෙත්  චතුරංග.
අවසන් මහා තරගයේ වීරයා සම්මානය -  ධර්මාශෝක විද්‍යාලයේ පසිදු ප්‍රභාශ්.
හොදම කුටි නිර්මාණය - ධර්මාශෝක විද්‍යාලය.


RECOMMEND POSTS