ආදි වාසීන් හමුවෙලා



ඔස්ටේලියාවේ නිල සංචාරයක යෙදෙන බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු, ඔස්ටේලියා ආදිවාසීන් වන ඇබොරිජිනල්වරුන් හමුවීමට ද ගියේය.

තවමත් සම්ප්‍රදායික ලෙස ජීවත් වන ඇබොරිජිනල්වරු, කුමරු පිළිගත්තේ ඔවුන්ට ආවේණික ක්‍රමයටය. කුමරු සහ ආදිවාසී නායකයන් අතරේ සුහඳ කථාබහක් ද පැවැත්විණි. ඒ, ඔස්ටේලියාවේ උතුරු දෙසින් නුහුලුන් කඳුකරය ආශ්‍රිතවය.

ඇබොරිජිනල්වරුන් කුමරු වෙනුවෙන් විශේෂ සංග්‍රහයක් ද සැලැසුම් කර තිබුණු බව බ්‍රිතාන්‍ය ඬේලිමේල් පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

කුමරුගේ සෞඛ්‍ය වෙනුවෙන් යාථිකාවක් ද පැවැත්විණි. එය අවසන් වුණු පසු කුමරු මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ තම සිරුරට නව පණක් ලැබුණැයි දැනෙනවා කියාය.

ඇබොරිජිනල්වරුන් චාල්ස් කුමරු වෙනුවෙන් සාම්ප්‍රදායික නර්තනාංගයක් ද ඉදිරි පත් කළ බව ද වාර්තා වේ.

(ඬේලිමේල්)

 


RECOMMEND POSTS