අසාද් තුවාලකරුවන්ගේ සුවදුක් විමසයි



බලයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්, ඔහුගේ පවුලේ අය ද සමඟ එරට හමා පළාතේ ගම්මාන කිහිපයක සංචාරය කරමින්, තක්ෆීරී හෙවත් අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ සහ විපක්ෂ සන්නද්ධ ක්‍රියාකාරීන්ගේ ප්‍රහාරවලින් තුවාල ලැබ සිටින හමුදා සොල්දාදුවන්ගේ සුවදුක් විමසා බැලුවේය.

ජනපති අසාද්, බිරිය සහ දරුවන් ගියේ තල් අෆාර් සහ රබෝ යන ගම්මාන දෙකටය. තුවාල ලබා සිටින සොල්දාදුවන් අසාද්ගේ සමීපතම මිතුරන් යැයි ද පැවැසෙයි.

සිරියානු සිවිල් යුද්ධයට සම්බන්ධ වී තුවාල ලබන සහ ආබාධවලට ලක්වන සෑම රජයේ සොල්දාදුවකුටම ‘ජරී අල් වටාන්’ වැඩසටහන යටතේ සියලුම ප්‍රතිකාර නොමිලේ සිදුවෙයි. සැත්කම් ආදිය සියල්ල රජයේ වියදමින් සිදු කෙරෙන බව ද වාර්තා වේ.

හමුදාවට පළමු තැන දෙමින් ‘ජරී අල් වටාන්’ නමැති මෙම වැඩසටහන ජනපති අසාද් විසින් ආරම්භ කළේ 2014 වසරේදීය. තුවාල ලබන  සොල්දාදුවන්ට පමණක් නොව, ඔවුන්ගේ පවුල්වලට පවා රැකවරණ මෙම වැඩසටහන යටතේ හිමිවන බව වාර්තා වේ.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS