අවතැන් කඳවුරේ කෑම විසවෙලා



ඉරාකයේ මොසූල් නුවරට නුදුරින්, යුද ගැටුම් හේතුවෙන් අවතැන් වූවන් වාසය කරන කඳවුරක ආහාර විස වීමකින් සියයකට වැඩි පිරිසක් රෝගී වී ඇතැයි වාර්තා වේ. රෝගී වූ වැඩි දෙනා කාන්තාවන් සහ කුඩා දරුවන් යැයි ද පැවැසෙයි.

අවතැන් කඳවුරේ පිරිස් රෝගී වී ඇත්තේ, රාමදාන් උපවාස සමය අවසන් කිරීම නිමිත්තෙන් ලැබුණු ආහාර විස වීමෙනි. මෙම කඳවුරේ 800 දෙනකු රෝගී වූ බවත්, බරපතල තත්ත්වයෙන් පසුවුණු 200 ක පිරිසක් රෝහල් ගත කළ බවත් පසුව වාර්තා විය.

අයි.එස්. ත්‍රස්තවාදින් මොසූල් නුවර අත්පත් කර ගත් අවස්ථාවේදී නගරය අතහැර පලා ආ පිරිස් මෙම කඳවුරේ වාසය කරන බව ද පැවැසෙයි.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS