අභ්‍යවකාශ නැවැතුම්පොළ අපට පේනවා



ජාත්‍යන්තර අභ්‍යාවකාශ නැවතුම්පොළ පියවි ඇසින් පැහැදිලිව දැකගැනීමේ අවස්ථාව අද (14) ශ්‍රී ලාංකිකයින්ට උදාවෙයි.

අහස පැහැදිලි නම් අද (14) පස්වරු 6.46 ට පමණ ශ්‍රී ලංකාවේ සෑම ප‍්‍රදේශයකටම ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ පැහැදිලිව දකින්න ලැබෙනු ඇත.

පෙර 2017 දී ද මේ අයුරින් ශ්‍රී ලාංකිකයින්ට අභ්‍යවකාශ නැවැතුම්පොළ දකින්න ලැබුණි.

ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ පෘථිවි කක්ෂයේ රඳවා ඇති පාවෙන ගගන නැවැතුම්පොළකි. මෙය ඉදිකිරීම් ආරම්භ කළේ 1998 වසරේදීයි. ඒ ඇමෙරිකාවේ නාසා ආයතනයේ මූලිකත්වයෙනි.

රුසියාව ද ඇතුළු යුරෝපා රටවල් ඊට පසුව එක් වූ අතර, නැවැතුම්පොළ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ බවට පත් වූයේ ඉන්පසුවය.

මෙම නැවැතුම්පොළේ ගගනගාමීන් සය දෙනකුට රැඳී සිටීමට ප්‍රමාණවත් තරමට පහසුකම් ඇත. නැවැතුම්පොළ ඇත්තේ පොළොව මට්ටමේ සිට කිලෝ මීටර් 425 ක් උඩුගුවනේය.

නිදන කාමර පහකින්ද සමන්විත මෙම නැවැතුම්පොළ පැයට කිලෝ මීටර් 27,600 ක වේගයකින් මිනිත්තු 92 කට වරක් පෘථිවි කක්ෂය වටා එක් වටයක් ගමන් කරයි.

ඩයනා උදයංගනී


RECOMMEND POSTS