අබුඩාබි ඔටුන්න හිමි කුමරු ඉන්දියාවේ නිල සංචාරයක



එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා ඉන්දියාව අතර ද්විපාර්ශිවික සබඳතා වර්ධනය කර ගැනීම වෙනුවෙන් අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු ෂෙයික් මොහොමඩ් බින් සෙයිද් අල් නයාන් කුමරු තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණියේය.

හෙට ට (26) යෙදී ඇති ඉන්දීය ජනරජ දිනය සැමරීම වෙනුවෙන් පැවැත්වෙන් රාජ්‍ය උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවීමත් , දෙරට අතර අයෝජන අරමුදලක් වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම වෙනුවෙන් අබුඩාබි ඔටුන්න හිමි කුමරු මෙම සංචාරයේ නිරතවේ.

ඊයේ (24) එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ගුවන් යානයකින් නවදිල්ලි නුවරට ළගා වූ අල් නයාන් කුමරු ගෞරව බුහුමනින් යුතුව පිළිගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැමිණි සිටීමද විශේෂත්වයකි.

අල් නයාන් ඔටුන්න හිමි කුමරු සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ ඉහළ පෙළේ දූත පිරිසක්ද ඉන්දියාවට පැමිණ තිබේ.

 

( තිළිණි ද සිල්වා )
ගල්ෆ් නිව්ස් ඇසුරෙනි .....

 


RECOMMEND POSTS