අධික වර්ෂාව නිසා පාසල් වසාදැමේ



සෞදි අරාබියේ නැගෙනහිර පළාතට ඇද හැලෙන අධික දාරාන්නිපාත වර්ෂාව නිසා එම පළාතේ සහ ඊට ආසන්න ප්‍රෙද්ශ වල ඇති පාසල් වසා දැමීමට බළධාරීන්ට සිදුව ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් පිටුව වාර්තා කලේය. 

සෞදි පිරිමි දරුවකු වන නවාෆ් මොහොමඩ් සහ එම දරුවා රැගෙන ඒමට පැමිණි විදේශීය රියදුරෙකු පාසලේ සිට නිවස බලා පැමිණෙමින් සිටින අවස්ථාවේදි ඒසීර් ප්‍රෙද්ශයේදි ගංවතුරට හසුවීම නිසා ජීවිතක්ෂයට පත්වඇති අතර එම සිද්ධිය හේතුවෙන් බළධාරීන් මෙම තීරණය ඉතා ඉක්මනින් ගැනීමට සිදුව ඇත.  

තවත් මෙවැනිම ආකාරයෙන් සිද්ධීන් දෙකකදී පුද්ගලයින් මියගොස් ඇත. 

රියාද් නුවරින් ගලාබසිනා වාඩි අල්-හේය ගංගාවට වැටුනු විදේශීය පාසල් ශිෂ්‍යාවක් සේවීමේ කටයුතු මහජන ආරක්ෂක එකකයේ නිළධාරීන් විසින් ආරම්භ කර ඇති අතර සෞදි ශිෂ්‍යයෙක් සහ එම සිසුවාගේ පියා ගංවතුරට හසුවී මියගිය අවාසනාවන්ත පුවතක් වාර්තා වන බව වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තාකර සිටියේය.  

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS