අධි-තාක්ෂණික රථ වාහන පාලන ඒකකයක්



එමීරේට්ස් මාර්ග සහ ප්‍රවාහන අධීකාරිය මගින් ඉදිකරන ලද අධි-තාක්ෂණික අංගෝපාංගයන් ගෙන් යුත් රථ වාහන පාලන ඒකකයක් එක්සත්අරාබිඑමීර්රාජ්‍යයේඋපජනාධිපති, අගමැති සහ ඩුබායි පාලක යාෂයික්මොහොමඩ්බින්රෂීඩ්අල්-මක්ටුම් උත්සවාකාරයෙන් විවෘත කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

මෙහි අති විශේෂත්වය වන්නේ එමිරේට්ස් රාජ්‍යය පුරා ඇති රථ වාහන මධ්‍යස්ථාන අලුතින් ඉදිකරන ලද ඒකකය හරහා පාලනය වීමයි.

රථ වාහන ක්ෂේත්‍රය අතින් ලොව ඇති ස්මාර්ට්ම නගරය කිරීමට යන ගමනේ එක් පියවරක් ලෙස මෙය හැදින්විය හැකි බව  මාර්ග සහ ප්‍රවාහන අධීකාරිය ප්‍රකාශ කළේය.

රථ වාහන තදබදය අවම කිරීම, සුව පහසු ගමනක් යෑමට අවස්ථාව හිමි කර දීම, මෙවැනි පද්ධති පිළිබදව ජනතා අදහස් ලබාගැනීම ආදිය නව ඒකකය පිහිටුවීමේ අරමුණ වී ඇත.

මාර්ග සහ ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ අධ්‍යක්ෂ මණ්ඩල සභාපති, මාතර් මොහොමඩ් අල්-ටෙයර්, ඩුබායි පොලිසියේ අණදෙන නිලධාරී, අබ්දුල්ලා කලීෆා අල්-මරී සහ අනිකුත් සම්භාව්‍ය අමුත්තන් මෙම උත්සව අවස්ථාවට සහභාගි විය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS