අජ්මාන් ගබඩා සංකීර්ණයක ගින්නක්



අජ්මාන් නුවර කර්මාන්ත කලාපයක පිහිටා ඇති භාණ්ඩ ගබඩාවන් හයක් ගින්නට හසුවී ඇති බව සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ නිලධාරීයෙක් ප්‍රකාශ කළේය.

භාණ්ඩ ගබඩාවන් හයම සම්පූර්ණයෙන්ම ගිනි ගෙන ඇති බව වාර්තා වේ.

එක්සත් අරාබි එමීරයේ අජ්මාන් නුවර පිහිටි සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවට අයත් ගිනිනිවනඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න නිවීමට කටයුතු කල අතර ගින්න නිසා භාණ්ඩ ගබඩාවන් තුල ඇති භාණ්ඩ වලට සිදු වන හානිය අවම කිරීම සඳහා ගිනි නිවන භටයින් දැඩි පරිශ්‍රමයක් දැරූ බව වාර්තා වේ.

ගිනි ගන්නා අවස්ථාවේදි, ගිලන් රථ වලට සහ ගිනි නිවන භටයින්ට පහසුවෙන් පිවිසීමට හැකිවන අයුරින් අජ්මාන් නුවර පොලීසිය භාණ්ඩ ගබඩාවන්ට පිවිසිය හැකි සියළුම මාර්ගයන් වසා දැමීමට පියවර ගත්තේය. 

ආරක්ෂිත පියවරක් ලෙස ගලවා ගැනීමේ කණ්ඩායම් භාණ්ඩ ගබඩාවන් ආසන්නයේ පිහිටා තිබෙන ගොඩනැගිලි තුල සිටි පිරිස් වහාම ඉවත් කිරීමට කටයුතු කළේය. 

ගිනි ගැනීමට හේතු වූ කරුණු සෙවීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS