20 වසරක අධ්‍යාපනයේ විප්ලවීය ගමන්මඟ



ලයිසියම්  ජාත්‍යන්තර  පාසල්  සමූහයේ  නිර්මාතෘ  ආචාර්ය  මොහාන්  ලාල්  ග්‍රේරු  මහතා  හා  සම්බන්ධීකරණ
විදුහල්පතිනි, ආචාර්ය කුමාරි ග්‍රේරු මහත්මියගේ මාර්ගෝපදේශකත්වය ඇතිව ලයිසියම් පාසල් ජාලයේ තෙවන
පාසල ලෙස වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල වර්ෂ 2001 සැප්තැම්බර් මස 03 වන දින ආරම්භ වන්නේ මෙරට
අධ්‍යාපන ක්ෂේත්‍රයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයකට මුලාරම්භය තබමිනි.

පසුගිය විසි වසරක කාලය දෙස හැරී බැලීමේදී ශීඝ්‍ර සංවර්ධනයකට යොමු වන වත්තල නගරය කේන්ද්‍ර කොට
ගනිමින් ආශ්‍රිත ප්‍රදේශ ආවරණය වන දෙමාපියන් ගේ දරුවන් වෙනුවෙන් ප්‍රමිතිගත ජාත්‍යන්තර අධ්‍යාපනයක් ලබා
දීමට ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත්ව තිබේ.

වත්තල  ලයිසියම්  ඉතිහාසයට  හැරී  බැලීමේදී,  වර්තමානය  වන  විට,  ලයිසියම්  අධ්‍යක්ෂ  නිකිත  ග්‍රේරු  මහතාගේ
තරුණ  නායකත්වය යටතේ ලයිසියම්  සන්නාමය මෙරට ජාත්‍යන්තර  පාසල්  ක්ෂේත්‍රය  තුළ  සුවිශේෂී සලකුණක්
තැබීමේ දී වත්තල ශාඛා පාසල ඒ සදහා ශක්තිමත් පසුබිමක් සකසා දී ඇති බව ද නිහතමානීව සදහන් කළ යුතුය.

වර්තමානය  වන  විට  වත්තල  ලයිසියම්  ජාත්‍යන්තර  පාසල,  එක්  මහලක  අංග  සම්පූර්ණ  පන්ති  කාමර  10  කින්
සමන්විත පස් මහල් ගොඩනැගිලි 5 කින් සමන්විත වේ. සිය ජන කොට්ඨාසයන්ගෙන්ම සැදුණු 5600 කට ආසන්න
ශිෂ්‍ය ප්‍රජාවක් කිසිදු බේදයකින් තොරව එකම පවුලක් ලෙස ලයිසියම් හි අධ්‍යාපනය හදාරනු ලබයි. පූර්ව ප්‍රාථමික
අංශයේ සිට අ.පො.ස (උසස් පෙළ) දක්වා දේශීය හා ජාත්‍යන්තර විෂයය මාලාවන් යටතේ අධ්‍යාපනය ලබා දීමට
වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල තුළ 750 කට ආසන්න මනා පුහුණුවක් ලද ගුරු මණ්ඩලයක් සූදානම් ව සිටී.
නැවුම් ඉගෙනුම් පරිසරයක් සදහා නිරන්තරව පාසල මෙහෙයවන අනධ්‍යයන කාර්යමණ්ඩලයද පාසලට ශක්තියක්
මෙන්ම ආලෝකයකි.

ශ්‍රේෂ්ඨ ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් ගේ ඔබවම හදුනා ගන්න යන ආදර්ශ පාඨය මුල් කර ගත් ලයිසියම් පාසලේ
දරුවන්ට, අපේ සංස්කෘතික උරුමයන්ගේ දැනුමින් හා ආකල්ප වලින් ද පරිපූර්ණව අනාගත ලොවට ගැළපෙන
අධ්‍යාපනයක දොරටු විවර කර දීම ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සුවිශේෂී අරමුණකි.

ඉහලම සම්මාන හිමිකර ගැනීමට පසුගිය වසර කීහිපය පුරාම ලයිසියම් දූ පුතුන් සමත්ව තිබීම ද සුවිශේෂී කරුණකි.

එමෙන්ම, අධ්‍යාපන අමාත්‍යාංශය පවත්වන අ.පො.ස (උසස් පෙළ) විභාග ප්‍රතිඵල තුළ දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීම්වල
2, 3 සහ 4 වන ස්ථානද තම පාසල් දූ පුතුන්ට  හිමිකර දීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත්ව තිබේ.

ප්‍රමිතිගත  හා  සමබර  බව  ලයිසියම්  අධ්‍යාපනයේ  පදනමයි.  එම  නිසාම  ලයිසියම්  ජාත්‍යන්තර  පාසල්  සමූහයේ
බොහෝ සිසුනට ජාත්‍යන්තර මෙන්ම ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ද විවිධ විෂයය ධාරාවන් යටතේ උසස්
අධ්‍යාපන වරම් හිමිව තිබේ.

ඒ අනුව පසුගිය වසර කීපය තුළ පමණක් ලයිසියම් සිසු සිසුවියන් 100 ක් පමණ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට
ඇතුලත්ව  තිබේ.  තවද  ලයිසියම්  මාර්ගෝපදේශකත්වය  යටතේ  සිංගප්පූරුව,  මැලේසියාව,  එක්සත්  රාජධානිය,
ඇමරිකාව, කැනඩාව, ජපානය සහ ජර්මනිය යනාදී රට වල උසස් අධ්‍යාපන වරම් ලබා ගැනීමට වත්තල ලයිසියම්
පාසල් සිසුන් සමත්ව තිබේ.

වත්තල ලයිසියම් පාසල් සිසු සිසුවියන්, ක්‍රීඩා හා විෂයය සමගාමී ක්‍රියාකාරකම් තුළින් ද ජාතික හා ජාත්‍යන්තර
මට්ටමේ  ඇගයීමට  ලක්ව  තිබේ.  එම  නිසාම  ජාතික  මට්ටමේ  වර්ණලාභීන්  තම  පාසලින්  බිහිකිරීමට  ද  වත්තල
ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත්ව තිබේ.

12 වසරක අඛණ්ඩ හිමිකාරත්වය සමඟ 13 වසරක් ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා ශූරතාවය තමන් සතු කර ගැනීමට හැකිවීම වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල ක්‍රීඩා ක්ෂේත්‍රයේ කැපී පෙනෙනම සිදුවීම ලෙස සැලකිය හැක. එමෙන්ම වසර අටක් අඛණ්ඩව ජාත්‍යන්තර පාසල් පිහිණුම් ශූරතාවයටත්, වසර 9 ක් කරාටේ ශූරතාවයටත්, වසර 13 ක් ස්ක්‍රැබල් ශූරතාවයටත් හිමිකම් කීමත් විසි වසරක ගමන් මඟ තුළ අන් කිසිවෙකුට සමකළ නොහැකි සුවිශේෂී ජයග්‍රහණයන් වේ.

විසි  වසරක  ජයග්‍රාහී  ගමන්  මඟ  සමරන  මේ  මොහොතේ,  ගෝලීය  වසංගත  තත්ත්වයක්  තුළ  වුවත්  නව
සාමාන්‍යකරණයට  අනුගත  වෙමින්  මාර්ගගත  අධ්‍යාපන  ක්‍රමයට  ලයිසියම්  පාසල  අවතීර්ණව  ඇත.  කොවිඩ්  19
වසංගත තත්ත්වය තුළ රටේ පමණක් නොව ලොව පුරා ශිෂ්‍ය  අධ්‍යාපන ක්‍රියාවලියට බාධා මතු වුවද, වගකිවයුතු
පාසලක් ලෙස ලයිසියම් අඛණ්ඩ අධ්‍යාපනය සිසුන්ට ලබාදීමට සැලසුම් කළේය. විශේෂයෙන්ම පාසල් අධ්‍යක්ෂ
නිකිත ග්‍රේරු මහතාගේ නිසි සම්බන්ධීකරණය මත මයික්‍රෝසොෆ්ට් තාක්ෂණය ඔස්සේ මාර්ගත අධ්‍යාපන ක්‍රියාවලිය
සාර්ථකත්වය පවත්වාගෙන යාම තුළින් දරුවන්ට අඛණ්ඩ අධ්‍යාපනයකට අවස්ථාව හිමිවිය.

වත්තල පාසලද, සෙසු ලයිසියම් ජාත්‍යන්තර පාසල් මෙන්ම, දැනුම, කුසලතා හා ආකල්ප වලින් පරිපූර්ණ පරපුරක්
බිහි කිරීම වෙනුවෙන් කැප වී සිටී. විශේෂයෙන්ම මාර්ගගත අධ්‍යාපනය තුළ සිසුන්ට ඇති විය හැකි ආතතිමය
තත්ත්වයන් මඟ  හැරීම පිණිස   මාර්ගගත  අධ්‍යාපනය   තුළට  ද,  විෂයය   දැනුමින්  ඔබ්බට ගිය ඉගෙනුම් ඉගැන්වීම්
ක්‍රමෝපායන් හදුන්වා දී තිබේ.

වසර 20 ක නොනිමි ගමන් මගේ 2020 සහ 2021 වර්ෂ ඉතා අභියෝගාත්මක විය. එය සමස්ත අධ්‍යාපන පද්ධතියටම
අභියෝගයක් විය.නමුත් ඒ සිය අභියෝගය ජය ගත හැකිව පවතින්නේ අනාගතය දකින සැලසුම් සහගත පාසල්
අධ්‍යාපන හා පරිපාලන වැඩපිළිවෙළකට ලයිසියම් අනුගතව සිටින නිසාවෙනි. 

සිසුන්ගේ පාසල් ජීවිතයෙන් පසු රටේ අනාගතය භාර ගත හැකි පරපුරක් ලෙෂ ඔවුන්ව අධ්‍යාත්මිකව පෝෂණය
කිරීමටද ලයිසියම් නිරන්තරව කටයුතු කිරීම ජාත්‍යන්තර පාසල් අධ්‍යාපනය තුළ නව මානයක් සනිටුහන් කිරීමට
සමත්ව තිබේ.

 

 

 


RECOMMEND POSTS