සිකුරාගේ පිටසක්වළයෝ



පිටසක්වළ ජීවය සම්බන්ධයෙන් නව හෝඩුවාවක්, සිකුරු ග‍්‍රහලොවේ වායුගෝලයෙන් හමුවුණැයි බි‍්‍රතාන්‍ය තාරකා විද්‍යාඥයෝ පවසති.

සිකුරු යනු හිරුගේ සිට දෙවැනි ස්ථානයේ පිහිටින ග‍්‍රහලොව ය. පෘථිවිය පිහිටා ඇත්තේ තෙවැනි ස්ථානයේ ය. හිරුට ළංව පිහිටන බැවින්, සිකුරු ග‍්‍රහලොවේ උෂ්ණත්වය ඉතා ඉහළ අගයක් ගනී. සිකුරු මතුපිටට පය තැබුවොත් දැවී අළු වී යයි. සිකුරු මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 470 කි. සිකුරු ග‍්‍රහයාගේ වායුගෝලය ද ආම්ලික වායුවලින් පිරී පවතී.

අධික උණුසුම හේතුවෙන්, සිකුරු ග‍්‍රහයාගේ ජීවය පැවැතීමට ඉඩක් නොමැකි බැවින්, තාරකා විද්‍යාඥයන් පිටසක්වළ ජීවය සම්බන්ධයෙන් සිකුරු ග‍්‍රහයා කෙරෙහි මේ වනතුරු අවධානයක් යොමු කර තිබුණේ නැත. සිකුරු ග‍්‍රහයා මතුපිටට රොබෝ යානයක් යැවූ එකම රට සෝවියට් දේශයයි. ඒ, 1970 වසරේ දීය. එම යානයේ නම ‘වනෙරා 7’ ය.

විද්‍යාඥයන්, ජීවය පිළිබඳ සාක්ෂි සෙවීමට රොබෝ යානා යවන්නේ අඟහරු වෙතය. අඟහරු පිහිටා ඇත්තේ හිරුගේ සිට සිවුවැනි ස්ථානයේය. සිකුරුගේ ජීවය ඇතැයි ලොවට අනාවරණය කළේ බි‍්‍රතාන්‍යයේ කාඩිෆ් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥවරියක වන ජේන් ග‍්‍රීවර්ස් ඇතුළු කණ්ඩායමය. ජේන් ග‍්‍රීවර්ස් ඇතුළු පිරිස සිකුරුගේ වායුගෝලය අධ්‍යයනය කර තිබේ. ඒ, පෘථිවියේ පිහිටා ඇත්තේ ප‍්‍රබල දුරේක්ෂ ආධාරයෙනි. සිකුරුගේ වායුගෝලය අධ්‍යයනය කරද්දී, වායුගෝලයේ තිබී ‘පොස්පීන්’ වායු අංශ හමුවී තිබේ.

‘පොස්පීන්’ පෘථිවියේ ද දකින්න ලැබෙයි. ‘පොස්පීන්’ නිපදවීම සිදුවන්නේ ඓන්ද්‍රීය ද්‍රව්‍ය එසේත් නැතිනම් කාබනික ද්‍රව්‍ය බිඳී යෑමෙනි. සිකුරු ග‍්‍රහලොවේ වායුගෝලයෙන් පිටසක්වළ ජීවය ගැන හෝඩුවාවක් හමුවුණැයි විද්‍යාඥයන් පවසන්නේ ඒ නිසාය.

‘සිකුරුගේ වායු ගෝලයෙන් පිටසක්වළ ජීවය ගැන විස්මිත හෝඩුවාවක් දැන් අපට ලැබී තිබෙනවා. දැන් කළ යුතු වන්නේ සිකුරුගේ වායු ගෝලය අධ්‍යයනය කිරීමට රොබෝ යානයක් යැවීමයි’ යැයි බි‍්‍රතාන්‍ය විද්‍යාඥ ජේන් ග‍්‍රීවර්ස් පැහැදිලි කරයි.

ජේන් ග‍්‍රීවර්ස් ඇතුළු විද්‍යාඥ කණ්ඩායම සිකුරුගේ වායුගෝලයේ පොස්පේන් අංශු අඩංගු බවට පළමු හෝඩුවාව සොයා ගත්තේ, හවායි පිහිටි ‘ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල්’ දුරේක්ෂකයේ ආධාරයෙනි. එය තහවුරු කර ගැනීම සිදුවූයේ චිලී රටේ ඇටකාමා කාන්තාරයේ පිහිටා ඇත්තේ රේඩියෝ දුරේක්ෂ ආධාරයෙනි.

ලන්ඩනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS

RELATED POSTS