නව ගිවිසුම් පහක්



ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉරාන ජනාධිපති හසාන් රවුහානි අතර පැවති ද්වි පාර්ශවික සාකච්ඡාවලින් අනතුරුව මෙම දෙරට අතර ගිවිසුම් සදහා අත්සන් තබා ඇත.

මෙලෙස අත්සන් තබා ඇති ගිවිසුම් වනුයේ ශ්‍රී ලංකාව සහ ඉරානය අතර මත්ද්‍රව්‍ය නිවාරණය හා මත්ද්‍රව්‍ය හුවමාරුව වැළැක්වීම, පර්යේෂණ හා ප්‍රමිති කටයුතු වැඩිදියුණු කිරීම, චිත්‍රපට හා රූපවාහිනී කර්මාන්තය ප්‍රගමනය සඳහා වන සංස්කෘතික මගපෙන්වීම, සංස්කෘතික හා අධ්‍යාපන හුවමාරුව මෙන්ම සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රගමනය යන විෂයන් කෙරෙහිය.

දෙරටේ නායකයින් දෙදෙනා අතර නිල සාකච්ඡා ටෙහෙරාන් නුවර පිහිටි ඉරාන ජනාධිපති මන්දිරයේදි පැවැත්විණි. රාජ්‍ය නායක දෙදෙනා අතර පැවති සාකච්ඡාවලදී ආර්ථික සහ වෙළඳ සබදතා නව මාර්ග ඔස්සේ ඉදිරියට ගෙන යාම පිළිබදව දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇත.
එමෙන්ම ඛනිජ තෙල්, තේ සහ සංචාරක ක්ෂේත්‍රයේ දැනට පවතින සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීමට ද මෙහිදී සාකච්ඡා විණි.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS