අභ්‍යාවකාශ ඒජන්සියේ අවබෝධතා ගිවිසුම



එක්සත් අරාබි එමිරේට්ස් හි පිහිටා ඇති එමිරේට්ස් අභ්‍යාවකාශ ඒජන්සිය අභ්‍යාවකාශ විද්‍යාව දියුණු කිරීමේ අරමුණින් අභ්‍යාවකාශ විද්‍යාව, පරීයේෂණ කටයුතු, තාක්ෂණ සහ තොරතුරු හුවමාරු කරගැනීම සහ සහයෝගිතාවයෙන් කටයුතු කිරීම සඳහා ලක්සම්බර්ග් රජය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

එමිරේට්ස් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සහ එමිරේට්ස් අභ්‍යාවකාශ ඒජන්සියේ සභාපති, ආචාර්‍ය, අහමඩ් බෙල්හුල් අල්-ෆාලාසි සහ ලක්සම්බර්ග් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය,  ආර්ථික, අභ්‍යන්තර ආරක්ෂක සහ ආරක්ෂක අමාත්‍ය,එතියන් ස්නයිඩර් අතර අදාල ගිවිසුම අත්සන් කර ඇත.

ලක්සම්බර්ග් රාජ්‍යයේ ඉහළ පෙළේ දුත පිරිසකගේ අබුඩාබි  නිල සංචාරයේ කොටසක් ලෙස අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සිදු වු අතර ලක්සම්බර්ග් ඔටුන්න හිමි කුමරු වනගිලියුම් කුමරු,ලක්සම්බර්ග් ඔටුන්න හිමි කුමරිය වන ස්ටොෆනි කුමරිය සහ ලක්සම්බර්ග් එමිරේට්ස් තානාපති, එලිසාබට් කාඩෝසෝඑම අවස්ථාවටඑක් විය.

ලක්සම්බර්ග් ඔටුන්න හිමි කුමරු වනගිලියුම් කුමරු දූත පිරිසේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS