ඊශ්‍රාලයේදී තෙමගුල සැමරේ !



සම්බුදු තෙමගුල සිහිපත් කරමින් වෙසක් දින සැමරුම් උත්සවයක් ඉකුත් දා ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවැත්වූ බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

එරට වෙසෙන කොරියා , මියන්මාරය , නේපාලය සහ තායිලන්ත තානාපතිවරැන් සහ ලාංකික තානාපති නිලධාරීන්ගේ  සහභාගීත්වයෙන් පැවති එම උත්සව මාලාව මෙහෙයවීම පූජ්‍ය සුඛිතෝ සහ පූජ්‍ය පඤ්ඤානන්ද හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් බුද්ධ පූජා පිළිගැන්වීමක්ද සිදු තෙරිණි.

ඉන්පසුව මහාසංඝයා වහන්සේලා සදහා ටෙල්අවිව් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මණ්ඩලය විසින් මහා සංඝගත දක්ෂිනාවක්ද පවත්වනු ලැබූහ.

වෙසක් පෙහොය යෙදුනු ඉකුත් 29 වැනිදා ඊශ්‍රායල් ජනතාව සහ පිංකම් මාලාවට සහභාගී වූවන් ගේ සිත් ඇද බැද ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රය වෛර්ණවත් බුබලු වලින් සැරසීමට පියවර ගෙන තිබිණි.


RECOMMEND POSTS