‘ෆිට්’ එකේ ඉන්න බොලිවුඩ් නිළියෝ



නිරෝගීව, සෞඛ්‍ය සම්පන්න දිවිය ගත කරන්න ලැබෙනවා නම්, ඊට වඩා දෙයක් නැහැ. නළු නිළියන්ට, විශේෂයෙන් නිළියන්ට නම් එය ඉතා වැදගත්. සෝනම් කපූර්ගේ සිට සාරා අලී ඛාන් දක්වා බොලිවුඞ් සුරූපිනියන්ගේ පැවැත්ම තියෙන්නේ, ඔවුන්ගේ සුරූපීබව සහ නිරෝගීබව මතය.

දීපිකා පදුකෝන්


දීපිකා සුප්‍රසිද්ධ බැට්මින්ටොන් ක්‍රීඩක ප්‍රකාශ් පදුකෝන්ගේ දියණියයි. තාත්තා මෙන්ම දීපිකාත් බැට්මින්ටන් ක්‍රීඩාවට හපනියකි. ඇය බැට්මින්ටන් සඳහා යොමු වූයේ බොලිවුඩයට අවතීර්ණ වීමට පෙර සුපිරි නිරූපිකාවක ව සිටිද්දීය. දීපිකාගේ රහස නම්, ඇය ආහාර ගැනීම කරන්නේ පාලනයකිනි. ඇය වඩා ප්‍රිය කරන්නේ දකුණු ඉන්දීය ආහාර වර්ගවලටය. අවශ්‍ය පරිදි ප්‍රෝටීන් ලබා ගන්නා අතරේ ‘ඩාර්ක් චොලකලට්’ කෑමට ප්‍රිය කරයි. නිරෝගීව මෙන්ම සෞඛ්‍ය සම්පන්නව සිටීමට, ඇය දිනපතා ව්‍යායාම්වල යෙදෙයි. නිරෝගීව සිටීමට පමණක් නොව, බොලිවුඩයේ ඉදිරියෙන් සිටීමට ද දීපිකා සමත් වී සිටින්නේ එහෙයිනි.

කත්‍රිනා කයිෆ්


කත්‍රිනා එසේ මෙසේ බොලිවුඞ් සුරූපිනියක නොවෙයි. බොලිවුඩයේ නිරෝගී සමක් ඇති සුරූපිනිය ඇයයි. තමාගේ සම නිරෝගීව තබා ගන්න පමණක් නොව, දිඳුලන සමක් පවත්වාගෙන යෑමට ඇය ජලය පානය කරයි. ඒ ක්‍රමාණුකූලවය. එැම දිනකටම ලීටර් 3 ක් හෝ 4 ක් ජලය පානය කරයි. ඒ පාලනය කළ ආහාර රටාවක් අතරතුරේදීය. සිරුරට දැනෙන අයුරින් ව්‍යායාම කරන කත්‍රිනා යෝග අභ්‍යාසවල යෙදෙයි.

අනුෂ්කා ෂර්මා


ඕනෑම චරිතයක් හොඳ අපූරු අයුරින් නිරූපණය කළ හැකි අනුෂ්කා සුන්දර සිරුරකට, දිඳුලන සමකට පමණක් නොව නීරෝගීමත් කෙස් කළඹකට ද හිමිකම් කියයි. අනුෂ්කාගේ රහස ඇය නිවසේ පිළියෙළ කර ගත් සරල ආහාර වැඩියෙන් ආහාරයට ගැනීමය. එළවළු වර්ග ආහාරයට වැඩියෙන් එක් කර ගනී. නිරාහාරව ආහාර පාලනයක් නොකරයි. දිනපතා ව්‍යායාය කරයි.

සෝනම් කපූර්


රිදී තිරයෙන් පිට විලාසිතාවලින් පුවත් මවන්නියක ලෙස ප්‍රසිද්ධියට පත් සෝනම් ‘සාවරියා’ චිත්‍රපටය හරහා බොලිවුඩයට අවතීර්ණ වූයේ 2007 දීය. ඒ රාත්තල් 78 ක් බර අඩු කර ගැනීමෙන් පසුවය. සුන්දර සිරුරක් වෙනුවෙන් කන්න ආසා කළ කෑම වර්ග බොහොමයක් අතහැර දැමූ බව සෝනම් කියයි. නිරෝගී ආහාර ගන්නා සෝනියා දිනපතා ව්‍යාපාම කරයි.

අලීයා බාත්


හොඳ නිළියක වී සිටීමට නම්, ව්‍යායාම කළ යුතුයි යන්න පසක් කර දෙන සුරූපිනිය අලීයා ය. කොතරම් කාර්ය බහුල වුවත්, වැඩ ගොඩ ගැසුණත් ඒ දේවල් සිතට නොගන්නා අලීයා සැහැල්ලු මනසින් කටයුතු කරයි. සමබල ආහාර රටාවකට හුරුවී සිටින අලීයා විවිධ ව්‍යායාම ක්‍රම අත්හදා බැලීමට පසුබට නොවන අයෙකි.

ප්‍රියංකා චොප්රා


ප්‍රියංකා කා අතරේත් ජනප්‍රිය වූයේ 2000 වසරේ ලෝක රූ රැජින කිරුළ පැළැඳි අවස්ථාවේදීය. අද ඇය බොලිවුඩය පමණක් නොව, හොලිවුඩය ද ජයගත් නිළියකි. පන්ජාබයේ උපන් ප්‍රියංකා ආහාර පාලනයක් කරන්නේ නැත. සිරුරට ගුණ නම්, ඇය එම ආහාර සුදුසු යැයි තීරණය කරයි. ජලය මැනැවින් පානය කරයි. ව්‍යායාම කරයි.

දීෂා පටානී


දීෂා බොලිවුඩයට අවතීර්ණ වූවා පමණයි. දීෂා ප්‍රෝටීන සහ කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර රටාවකට යොමු වී සිටී. එපමණක් නොව, දිනපතා ව්‍යායාමවල යෙදෙයි.

කියාරා අද්වානී


26 හැවිරිදි කියාරා අද්වානී බොලිවුඩයට අවතීර්ණ වූයේ 2014 දීය. කියාරා වැඩියෙන් පලතුරු ආහාරයට ගනී. නිවසේ දී පිළියෙළ කළ ‘සී ෆූඞ්’ වලට ඇය ප්‍රිය කරයි. දිනපතා ජලය ලීටර් 3 ක් පානය කරයි. ව්‍යායාම කිරීමට අමතරව, දිනපතා නර්තනයේ ද යෙදෙයි.

එන්.ඩී.ටීවී. ඇසුරිනි


RECOMMEND POSTS