සුපර් ලයන් ත්‍යාග ප්‍රදානෝත්සවය



සෞදි අරාබියේ නැගෙනහිර පළාත දමාම් ‘සුපර් ලයන්’ක්‍රීඩා සමාජය විසින් සංවිදානය කරන ලද වාර්ෂික කුසලතා ඇගයීමේ සන්වාත්සරික උත්සවය පසුගිය සිකුරාදා දමාම් රෝස රෙස්ටුරන් උත්සව ශාලාවේදී උත්සව ශ්‍රීයෙන් පැවැත්විණ.

2015 වසරේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් වන ලාල් ප්‍රදීප් මහතා මෙහෙයවමින් ආරම්බ කරන ලද මෙම සුපර් ලයන් ක්‍රීඩා සමාජය මේ වනවිට ශ්‍රී ලාංකික දක්ෂ ක්‍රීඩකයින් 21 දෙනෙකුගෙන් සමන්විත වන අතර සෞදි අරාබියේ නැගෙනහිර කලාපය පුරා ක්‍රිකට් තරගාවලි විශාල සංඛයාවකටම සහබාගි වෙමින් ජයග්‍රහණ කිහිපයකටම හිමිකම් කියා ඇති අතර මෙම ක්‍රීඩා කණ්ඩායමේ ප්‍රධාන උපදේශක වශයෙන් ඉන්දික වීරසිංහ මහතා මනා දායකත්වයක් ලබා දීම සිදු කරයි.

විශේෂයෙන්ම පසුගිය සිකුරාදා(28 දෙසැම්බර්)පැවති සාංවත්සරික ත්‍යාග උත්සවය මගින් මෙම සුපර් ලයන් ක්‍රීඩා ක්‍රීඩා සමාජයේ 2018 වසරේ විවිද දක්ෂතා දැක්වූ සියලුම ක්‍රීඩකයින් වෙත කුසලාන සහ සහතික පත් ප්‍රධානක කෙරුණු අතර 2018 වසරේ හොදම පිතිකරු ලෙස වී.එස්.ඉලයරාජ්,හොදම පන්දු යවන්නා ලෙස එච්.එස්.දනුෂ්ක මහතාද හොදම පන්දු යවන්නා ලෙස ඇන්තනි නිරෝෂන් මහතාද වසරේ නැගී එන ක්‍රීඩකයා ලෙස මොහොමඩ් ෆර්හාන් මහතාද ලබාගත් අතර හොදම කළමනාකාරිත්වය සදහා ලාල් ප්‍රදීප් මහතාද හොදම නායකත්වය සදහා එච්.එස් දනුෂ්ක මහතා විසින් හිමිකර ගන්නා ලද අතර සාමාජිකයින් හට ලැබිය හැකි ඉහලම සම්මානය වන විශේෂ ඇගයීම් සම්මානය හිමිවුයේ ප්‍රධාන උපදේශක ඉන්දික වීරසිංහ මහතාටය. කෙසේ වුවද ක්‍රීඩා සමාජයේ විවිද අයුරින් විවිද දස්කම් පෑ සියලුම ක්‍රීඩකයින් හට සහතික පත් පිරිනැමීමද මෙදිනසිදුවිය.

මේ පිලිබදව අදහස් දක්වමින් එහි උපදේශක ඉන්දික වීරසිංහ මහතා පැවසුවේ ක්‍රිකට් ක්‍රීඩාවටම පමණක් සිමා නොවන සුපර් ලයන් ක්‍රීඩා සමාජය ඇතැම්විට සමාජයේ සිදුවන විවිද සමාජශීලි කටයුතු උදෙසාද නිබදවම ක්‍රියාකාරිලෙස  ලෙස කටයුතු කරමින් මනා දායකත්වයක් ලබා දෙමින් ශ්‍රී ලංකාවට කීර්තියක්  අත්කරදීමට කටයුතු කරන බවයි.

ලලිත් ප්‍රේමලාල් දමාම් සිට.

31 .12.2018


RECOMMEND POSTS