සී.අයි.ඒ ප්‍රධානියා හදිසියේම සෞදියේ සංචාරයක !



සෞදියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් නයේෆ් සහ ඇමෙරිකා මධ්‍යම බුද්ධි තොරතුරු ඒකකය (සී.අයි.ඒ) ප්‍රධානි මයික් පොම්පියෝ අතර විශේෂ හදිසි හමුවක් පෙරේදා (11) රියාද් නුවරදී පවත්වා ඇත.

ඇමෙරිකානු සී.අයි.ඒ ප්‍රධානියා ඉකුත් ජනවාරි මස අගදී එම තනතුරේ වැඩභාර ගැනීමෙන් අනතුරුව විදෙස් රටක කළ ප්‍රථම සංචාරව මෙය වේ.

ඔවුන් දෙදෙනා අතර පැවති හමුවේදී කලාපයේ ඇති ආරක්ෂක කරුණු කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කෙරී ඇතැයි පැවසේ.ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පත්වීමෙන් පසුව සෞදි අරාබිය හා ඇමෙරිකා එක්සත් ජනපදය අතර හොඳහිත වර්ධනය කර ගැනීම වෙනුවෙන් මෙම හමුවී සිදු වූ බව ද සෞදි රජය කියා සිටී.

සෞදියේ අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යවරයාද වන ඔටුන්න හිමි කුමරු 2008 වසරේදී අල් කයිඩා ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් සුළු තුවාල සිදුවී ඇති අතර සෞදියේ අන්තවාදී ක්‍රියාවලට දැඩි ලෙස එරෙහි වෙමින් කටයුතු කරන පුද්ගලයෙකු වේ.

 

( තිළිණි ද සිල්වා )
ගල්ෆ් නිව්ස් ඇසුරෙනි....


RECOMMEND POSTS