සිංහ කොඩිය ඊශ්‍රාලයේදී ළෙලදේ !



ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ 72 වන නිදහස් සංවත්සරය ඉකුත් දා සමරනු ලැබීය.

ටෙල් අවිව් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රෙය්දී  මෙවර නිදහස් සංවත්සරය සමරනු ලැබුවේ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා ප්‍රජාව සහ ඊශ්‍රායලයේ සුභ පැතුම් සමගිනි.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති වරුණ විල්පාත විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කළ අතර ඉන් අනතුරුව තානාපති කාර්යාල පරිශ්‍රයේදී මෙම සැමරුම් ආරම්භ විය.

ජාතිය වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කළ සියලු දෙනා සිහිපත් කරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් පසුව සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීම ප්‍රවීණ ආරාධිතයින් ගේ දායකත්වයෙන් සිදු කෙරිණි.

ඊශ්‍රායලයේ සංචාරයක යෙදී සිටින පූජ්‍ය බම්බරබොටුව ආනන්ද මංගල හිමි බෞද්ධ ආගමික වතාවත් පැවැත්වූ අතර හින්දු ආශිර්වාදය මොහානා රාජ්ගෝපාල් මහත්මිය විසින් ආරාධනා කරන ලද අතර ක්‍රිස්තියානි ආශිර්වාදය පූජ්‍ය සහෝදරී සුපිරි ජොසෆින් ප්‍රනාන්දු සහ අනුෂා ප්‍රනාන්දු විසින් සිදු කළහ.

අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ  සදහන් කරැණු සහ ජනාධිපතිවරයාගේ , අග්‍රාමාත්‍යවරයාගේ හා විදේශ සබඳතා, කම්කරු, විදේශ රැකියා හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා නිදහස් දින පණිවුඩ කියවනු ලැබිණි.

රැස්වීම අමතමින් ශ්‍රී ලංකා තානාපති වරුණ විල්පාත මහතා  කියා සිටියේ අතීතයේ දී ජාතික නායකයින් සහ වීරෝදාර හමුදා විසින් කරන ලද පරිත්‍යාගයන් තුළින් නැවත ලබා ගත් අපේ මාතෘ භූමියේ නිදහස ආරක්ෂා කිරීම සියලු ශ්‍රී ලාංකිකයන්ගේ වගකීම බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිය සඳහා ඊශ්‍රායලයේ සංක්‍රමණික කම්කරුවන් විසින් කරන ලද දායකත්වය ද තානාපතිවරයා විසින් අගය කරන ලදී.

තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආහාර පිසීම අමුත්තන්ට ලබා දීමත් සමඟ උත්සවය අවසන් විය.


RECOMMEND POSTS