වැලි කුණාටුව සෞදි පාසල් වසයි



වැලි කුණාටු තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් මක්කම සහ ඒ අවට ආණ්ඩුකාර ප්‍රදේශවල පිහිටා ඇති පාසල් සහ විශ්ව විද්‍යාල වසා දැමීමට සෞදි අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇත.

පවතින වැලි කුණාටු සහිත තත්ත්වය හේතුවෙන් ඉතාමත්ම පරීක්ෂාකාරී අන්දමින් රිය ධාවනය කරන ලෙසට සෞදි කාලගුණික සහ පරිසරික ආරක්ෂණ අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලිමක් කර සිටියේය.

මක්කම පිහිටි අල්-කුරා සහ ජෙඩා හි පිහිටි අබ්දුල් අසිස් අල්- සවුද් විශ්ව විද්‍යාලයන් දෙක වසා දැමීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරියන් තීරණය කර ඇත.

පාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් වශයෙන් අල්-ජූෆ් ප්‍රදේශයේ පවතින පාසල් වසා දැමීමට පාසල් අධ්‍යාපන බලධාරීන් තිරණය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි


RECOMMEND POSTS