වසරේ අඩු වියදම් ගුවන් සමාගම



කුවේට් ජාතික ගුවන් සේවය වන ජසීරා ගුවන් සමාගම ඩුබායි නගරයේ පැවති 2017 වාර්ෂික ගුවන් සේවා ව්‍යාපාරික සම්මාන උළලේදි වසරේ අඩු වියදම් ගුවන් සමාගම ලෙස සම්මානය දිනාගැනීමට සමත් වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ගුවන් මඟින්ට මුදලට සරිලන සේවාවන් මෙන්ම විනෝදජනක ගුවන් අත්දැකීම් ලබාදීම නිසා අදාල සම්මානය දිනාගැනීමට හැකි වු බව ගුවන් සමාගමේ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කර ඇත.

ජසීරා ගුවන් සමාගාම කලාපීයව සහ ජාත්‍යන්තරව ක්‍රියාත්මක වෙමින් සිය සේවාවන් පුළුල් කිරීමට කටයුතු කර ඇත.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS