වසන්ත උදානය සැමරේ



වසන්තය උදාවීම ලොව පුරා විවිධ ජාතීන් අති උත්කර්ෂවත් ලෙස සමරන පොදු උත්සවයකි.

ඊට සමානුරූප ව, නවසීලන්තයට වසන්ත කාලය උදාවීම සැමරීම සඳහා වර්ෂ 1950 සිට මේ දක්වා වාර්ෂික ව පවත්වන වසන්ත මල්සැණකෙලිය (Blossom Parade) මෙවරද අතිශය විචිත්‍ර ව, විවිධ අංගයන්ගෙන් යුක්ත ව, නවසීලන්තයේ හෝඕක්ස්බේ (Hawke’s Bay) ප්‍රාන්තයේ හේස්ටින්ග්ස් නගරයේදී පසුගිය සැප්තැම්බර් 14 වැනිදා පැවත්විණි.

මෙවර එහි තේමාව වූයේ "ලොව පුරා ජනකතා" යන්නයි. දෙස් විදෙස් විශාල පිරිසක් මේ සඳහා සහභාගී විය.

එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් මේ සඳහා "යක් නැටුම" යන තේමාව ඔස්සේ කෘතිම මල්වලින් සැකසූ නිර්මාණයක් ඉදිරිපත් කරන ලදී. එය වර්ණවත් කිරීම සඳහා වෙලින්ටන්හි ශ්‍රී ලංකා නර්තන ඇකඩමිය ඉදිරිපත් කල නර්ථන අංගය විශේෂයෙන් කාගේත් සිත් ඇඳ බැද ගැනීමට සමත් විය.

ඉදිරිපත් වූ නිර්මාණ 58ක් අතරින් උළලේ හොඳම විලාසිතාවන්ට හිමි අනුශුරතාව ය දිනාගැනීමට මෙම නිර්මාණය සමත් විය. නිර්මාණ සම්බන්ධීකරණය හා මෙහෙයවීමේ කටයුතු හෝඕක්ස්බේ ශ්‍රී ලංකා සංගමය (Association of Sri Lankan’s in Hawke’s Bay) මගින් සිදුකරන ලදී.

 


RECOMMEND POSTS