ලාංකිකයෝ හයක් ඩුබායි හිරේට !



දඬුවමට එරෙහිව දින 15 ක් ඇතුළත අභියාචනා ඉදිරිපත් කීරීමට හැකියාව

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබාහි අධි සුඛෝපභෝගී නිවෙස් වලින් ස්වර්ණාභරණ ඇතුළු වටිනා භාණ්ඩ සොරකම් කිරීමේ චෝදනාවට වරදකරුවන් ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකුට එරෙහිව ඩුබායි අධිකරණය විසින් වසර 5 ක් බැගින් වූ සිර දඬුවම් නියම කරනු ලැබ ඇත.

එසේම මෙම සිර දඬුවම් කාලය අවසන් වූ පසු මෙම ලාංකික චූදිතයින් සය දෙනා වහා එරටින් පිටුවහල් කරන ලෙසටද ඩුබායි අධිකරණය තීන්දු කරනු ලැබ ඇත.

මෙලෙස සිර දඬුවම් නියම වී ඇත්තේ වයස අවුරුදු 26 අතර 40 ත් අතර පසුවූ ලාංකිකයින් සය දෙනෙකි.ඔවුන්ගෙන් පස් දෙනෙකුම රැකියාවන් නොමැතිව ඩුබායි හි රැඳී සිටි අය වන අතර  සෙසු ලාංකිකයා එහි රියදුරෙකු වශයෙන් සේවය කරනු ලැබ සිටිති.

කෙසේවෙතත් මෙම සිරදඬුවම් වලට එරෙහිය චූදිත ලාංකිකයින් දින 15 කි ඇතුළත අභියාචනාවක් ඩුබායි ඉහළ අධිකරණයට ගොනු කිරීමේ හැකියාව පවතී.

මෙම පිරිස 2015 වසරේ දෙසැම්බර් 11 දින මෙම චූදිත ලාංකිකයින් ඩුබාහි අධිසුඛෝපභෝගී  නිවාස කිහි හා ස්වර්ණාභරණ මෙන්ම වටිනා මුදල් සොරකම් කිරීමේ නිරත වී ඇති බවට ඩුබායි අල් බර්ෂා පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත එරට පොලීසිය ගොනු කළ නඩු විභාගය අවසන් කරමින් ඩුබායි අධිකරණය මෙම තීන්දුව ලබා දෙන ලදී.

 මොවුන් පිරිස සොරකම් කිරීමේදී තියුණු අවි භාවිතා කිරීම, පුද්ගල හා දේපල හානි සිදු කිරීම මත එරට අධිකරණය විසින් මොවුන් වරදකරු කර තිබේ.  මොවුන් ගෙවල්වල දොරවල් බිද දමා එහි තිබී ඇති සේප්පුවක් සොරකම් කර ඇති බව ද  අල් බර්ෂා පොලීසිය ඩුබායි අධිකරණයට දන්වා ඇත.

මෙයට අදාළ නඩු විභාගය අල් බර්ෂා නැමති පොලිස් ස්ථානයේ ලියපදිංචි කර තිබීයදී  මෙම පිරිසෙන් ලාංකිකයින් සිව් දෙනෙකු ක් එරට ගුවන් තොටුපලින් පැන යෑමට යන අවස්ථාවේ දී ඩුබායි පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

( තිළිණි ද සිල්වා )

කලීජ් ටයිම්ස් ඇසුරෙනි...


RECOMMEND POSTS