ලංකාවේ කොල්ලන්ගෙන් ක්‍රිකට් පෙරළිය



 
අබුඩාබි ක්‍රිකට් සංඟමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන අන්තර් සමාජ T-20 ක්‍රිකට් තරඟාවලියේ 2018 වර්ෂය සඳහා වූ තරඟාවලියේ ශූරතාව දිනා ගැනීමට එක්සත් එමීර් රාජ්‍යයේ අබුඩාබි හී සිය වෘතීයයන් හි යෙදෙන ශ්‍රී ලාංකීය ක්‍රීඩකයින්ගෙන් සමන්විත පෙරළිකාර Ceylon C.C. කණ්ඩායම සමත් විය.
 
ප්‍රභල කණ්ඩායම් කිහිපයක් ක්‍රීඩා කරන මෙම තරඟාවලිය සඳහා කණ්ඩායම් 12ක් සුදුසුකම් ලබා තිබිණ. අබුඩාබි ක්‍රිකට් සංගමයේ සාමාජිකත්වය ලැබීමෙන් පසු ප්‍රථම වරට මෙම තරඟාවලියට සහභාඟී වූ Ceylon CC කණ්ඩායම තරඟාවලියේ පෙරළිකාර කණ්ඩායමක් වූයේ තරඟාවලියේ සියළු අනාවැකි උඩුයටිකුරු කරමින් තරඟාවලියේ අපරාජිත කණ්ඩායම ලෙස ශූරතාව දිනා ගැනීම නිසාවෙනි. 
 
 
ශ්‍රී ලාංකීය අභිමානය සමඟවිශාල ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින් ගේ සහභාඟීත්වය සමඟ අවසන් මහා තරඟය පසුඟිය දා Sheik Zayed Sandy Ground - 2 ක්‍රීඩා පිටියේදී පැවැත්විණ.
 
අවසාන මහා තරඟය Ceylon CC සහ White Hunters කණ්ඩායම අතර පැවැත්විණ.  කාසියේ වාසිය දිනාගත් Ceylon C.C. කණ්ඩායමේ නායක Dharshana Ruchika Peris ප්‍රථමයෙන්ම පන්දු යැවීමට තීරණය කළ අතර ප්‍රභල ප්‍රතිවාදීන් ලකුණු 128 සීමා කිරීමට Ceylon CC ක්‍රීඩකයින් සමත් විය.
 
 
පන්දු යැවීමේදී නායක Dharshana Ruchika Peris කඩුළු 3ක්, Pasidu Wanniarachchi කඩුළු 2, Pabalu Silva සහ Kamal Rohana එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීය.
 
"මෙම තරඟාවලිය සඳහා අපි ගොඩක් සැළසුම් කළා. අබුඩාබි ප්‍රභලතම කණ්ඩායම් කීපයක් මේ තරඟාවලිය සඳහා ක්‍රීඩා කරනවා. නමුත් අපි නියෝජනය කරන්නේ අපේ රට. අපේ ක්‍රීඩකයෝ සියල්ල අපේම අය. ඒක මට ලොකු මානසික තෘප්තියක් වගේම ඒ තුළින් ආත්ම විශ්වාසයක් ගොඩ නැගුණා"යැයි නායක Dharshana Ruchika Peris පැවසීය.
 
 
ජයග්‍රාහී ලකුණු 129ක ඉලක්කය පන්දුවාර 15.2ක දී කඩුළු 5ක් පමණක් දැවී ලබා ගැනීමට කණ්ඩායම සමත් වූ අතරමෙම තරඟාවලියේ සිය පිතිකරණ අණසක පතුරුවමින් දකුණත් පිතිකරු JD Mahesh සිය කණ්ඩායමේ ජයග්‍රාහී ඉලක්කය වෙනුවෙන් සුපිරි ඉණිමක් ක්‍රීඩා කළ අතර පන්දු 17කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 42ක් ලබා ගත් අතර Aslam Ghous නොදැවී ලකුණු 25ක් ලබාගත් අතර කඩුළු රකින ක්‍රීඩක Don Arjuna ලකුණු 19 ලබා ගන්නා ලදී.
 
 
JD Mahesh ලකුණු 333ක් සමඟ වැඩිම ලකුණු ලාභියා වෙමින් තරඟාවලියේ හොඳම පිතිකරු සම්මානයට පාත්‍ර වූ අතර අවසාන මහා තරඟයේ වීරයා ලෙස ලකුණු 19කට කඩුළු 3ක් බිඳ හෙලූ Ceylon C.C. කණ්ඩායමේ නායක Dharshana Ruchika Peris සම්මාන ලැබීය.  
 
Mohamed Hifaz Jiffry

RECOMMEND POSTS