මාධ්‍යවේදිනිය පාර්ලිමේන්තුවෙන් දොට්ට



අනවශ්‍ය ලෙස සිරුර නිරාවරණය වූ ඇඳුමකින් සැරැසී, පුවත් වාර්තාකරණය සඳහා පැමිණියැයි  ඕස්ටේ‍්‍රලියාවේ පුවත් නාළිකාවක මාධයවේදිනියක එරට පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට  ඕස්ටේ‍්‍රලියා රජය කටයුතු කළේය.

කැන්බරා අගනුවර පාර්ලිමේන්තු මන්ත‍්‍රණ සභාවෙන් ඉවත් කෙරුණේ පැටී‍්‍රෂියා කර්වේලාස් නමැති මාධ්‍යවේදිනියයි. පැටී‍්‍රෂියා කර්වේලාස් ඒ.බී.සී. රූපවාහිනී පුවත් නාළිකාවේත්, ගුවන් විදුලි නාළිකාවේත් පුවත් ඉදිරිපත් කරන මාධ්‍යවේදිනියකි.

පැටී‍්‍රෂියා මන්ත‍්‍රණ සභාවෙන් ඉවත් කිරීම සිදුවූයේ ඇය සැරැුසී සිටි ඇඳුම මන්ත‍්‍රණ සභාවට උචිත නොවන බවට ලැබුණු පැමිණිල්ලක් මුල්කොට ගනිමිනි. එම අවස්ථාවේදී පැටී‍්‍රෂියා සැරැුසී සිටියේ අත්කොට ඇඳුමකිනි. විරෝධයක් එල්ල වී ඇත්තේ එහෙයිනි.

කෙසේ නමුත් පැටී‍්‍රෂියා සැරැුසී සිටි එම ඇඳුම පාර්ලිමේන්තුවට නුසුදුසු ඇඳුමක් නොවන බව, සෙසු  ඕස්ටේ‍්‍රලියා මාධ්‍ය ආයතන පෙන්වා දෙන්න විය. ඒ, පාර්ලිමේන්තුවට පැමිණි පැටී‍්‍රෂියා කර්වේලාස්ගේ ඡුායාරූප ප‍්‍රසිද්ධියට පත් කරමිණි.

මන්ත‍්‍රණ සභාවේ කිහිප දෙනකුගේ පටු අදහස් නිසා, පැටී‍්‍රෂියාට එරෙහිව පැමිණිලි නැගුණු බවත්, එම අවස්ථාවේදී  ඕස්ටේ‍්‍රලියා රජය ගත් තීරණය කනස්සල්ලට හේතුවක් බවත් මාධ්‍ය ආයතන පෙන්වා දෙන්න විය. ඒ සමඟ  ඕස්ටේ‍්‍රලියා රජයට එරට වැසියන්ගෙන් ද දොස් අහන්න සිදුවිය. අවසානයේදී මාධ්‍යවේදිනී පැටී‍්‍රෂියා ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටීමට ද  ඕස්ටේ‍්‍රලියා රජයට සිදුවුණැයි ද වාර්තා වේ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS