නත්තලේ පහන් තරුව 2018



..... අබුඩාබි තානාපති කාර්යාල පරිශ්‍රයේ දී.........

නත්තල හෙවත් නත්තල් දිනය නාසරෙත්හි ජේසුස් වහන්සේගේ උපත සමරන දිනය වේ. මෙදින නූතන චාරිත්‍ර බොහොමයක් පවත්වන අතර, තෑගි දීම, ක්‍රිස්තියානි දේවස්ථාන වල උත්සව පැවැත්වීම, නත්තල් ගස් සහ ගේ දොර සැරසීම ඉන් ප්‍රධාන වේ. සැන්ටා ක්ලෝස් හෙවත් නත්තල් සීයා මෙම උත්සව කාලයේ දී කුඩා ළමුන් අතර ජනප්‍රිය මිථ්‍යා චරිතයකි. ඔහු නත්තල් කාලයේ දී තෑගි ගෙන ඒම වෙනුවෙන් ප්‍රසිද්ධ වන අතර, පුරාණයේ ජීවත් වුනු සාන්ත නිකලස් හා ක්‍රිස්තියානි විශ්වාස වලට අනුකූල ව සෑදුනු චරිතයක් බවට විශ්වාස කෙරේ. ඔහුගේ වර්තමාන හැඩරුව 19 වන සියවසේ දී සම්භූත වී ඇත. නත්තල් උත්සවය සියලුම කිතුනු බැතිමතුන් විසින් සමරනු ලබන අතර, වෙනත් ආගම් වල ජනතාව විසින් ද සංස්කෘතික උත්සවයක් ලෙස සමරනු ලැබේ.

නත්තල යනු විශ්ව මංගල්‍යයකි. ලොව පුරා කිතුණු බැතිමත්හූ ඉතා උත්කර්ෂවත් ලෙස මෙම මංගල්‍යය සමරති. වර්තමානයේදී නත්තල කිතුණු සංස්කෘතියේ හා අනෙකුන් සංස්කෘතීන්ගේ සම්මිශ්‍රණයක්ව පවතී.

අබුඩාබියට ද නත්තල් සඳ පායන්නට වූයේ දෙසැම්බර් 21 වන දිනය. ඒ අබුඩාබි තානාපති කාර්යාල පරිශ්‍රයේ පැවති නත්තල් කැරොල් ගායනයත් සමඟයි. අබුඩාබි තානාපති කාර්යාලය හා බැඳුනු අබුඩාබි සංස්කෘතික පදනම හා තානාපති කාර්යාලයේ මූලිකත්වයෙන් පවත්වන්නට යෙදුන මෙම කැරොල් ගායනය කුඩා දරු දැරියන්ගේ ගායන හපන්කම් වලින් වඩාත් අලංකාරවන්නට විය. එසේම කළණ මහතා, චරිත් රුමයංග මහතා මෙන්ම සේනක මෙන්ඩිස් මහතා ප්‍රමුඛ Faith Live සංගීත කණ්ඩායම එම මොහොත අලංකාරවත් කිරීමට දැක්වූ කැපකිරීම පැසසිය යුතුය.

අබුඩාබි ශ්‍රී ලංකා අතරතුර තානාපති, ඒ.එස්.කාන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ තානාපති කාර්යාලයේ නිලධාරී මණ්ඩලයේ සහභාගීත්වයෙන් මෙන්ම බෞද්ධ, හින්දු, කතෝලික, ස්ලාම් ආදී සියළුම ශ්‍රී ලාංකික යන්ගේ එකතුවෙන් අති සාර්ථකව ජේසු බිලිදුන්ගේ උපත සිහි කරමින් පැවති කැරොල් ගායනය පැමිණ සිටි කාගේත් නෙත් සිත් සතුටු කරන්නට විය. විශේෂයෙන්ම පැමිණ සිටි සියළු දෙනාට නත්තල් සීයා විසින් තෑගි ලබා දීම ද විශේෂත්වයක් විය.

මව්රටින් එපිට සිටියත් ආගමික, ජාතික භේදයන් නොමැතිව ශ්‍රී ලාංකිකයින් ලෙස එක්ව සහජීවනය පෙරදැරිව කටයුතු කරන අබුඩාබියේ වෙසෙන ශ්‍රී ලාංකික සැම රටටම ආඩම්බරයකි. මෙවැනි දේ සංවිධානය කිරීමෙන්, සහභාගීත්වයෙන්, සහයෝගයෙන් ඔවුන් ලොවට පෙන්වන්නේ ඒ සහජීවනයේ පිවිතුරු බවයි.

 

ඔබ සැමට සුබ නත්තලක් මෙන්ම සුබ නව වසරක් වේවා.......

ජායාරූප චන්දන මදනායක / ජාලිය සමරක්කොඩි

EMBPG

අබුඩාබියේ සිට


RECOMMEND POSTS