ධර්මපාලතුමාගේ 155 වැනි ඡන්ම දිනය සැමරේ



අනගාරික ධර්මපාලතුමාගේ 155 වැනි ඡන්ම දින සැමරුම් උත්සවයක් ඉකුත් දා (17) ඉන්දියාවේ බුද්ධගයාවේදී පැවැත්විණි.

බිහාර් ප්‍රාන්ත ආණ්ඩුකාර පාගු චව්හාන් සහ ඉන්දියානු මහබෝධි සමාගමේ නව සභාපති එන්. ඩෝර්ජි යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් එම උත්සවය පැවැත්විණි.

ඉන්දියානු මහබෝධි සමාගමේ මහලේකම් පැල්වත්තේ සීවලි නාහිමියන් හා බුද්ධගයා මධ්‍යස්ථානාධිපති සද්ධාතිස්ස හිමියන් සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 


RECOMMEND POSTS