දීපවාලී සමරමින් ගිනස් වාර්තාවක්



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය මැද, සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින්, ඉන්දියාවේ අයෝධ්‍යා නුවර වැසියෝ, මෙවර දීපාවලී උත්සවය සැමරුවේ ගිනස් ලෝක වාර්තාවක් ද පිහිටුවමිනි.

අයෝධ්‍යා නුවර වැසියෝ, ගිනස් වාර්තාව පිහිටුවූයේ, මිනිත්තු 45 ක කාලයක් පොල් තෙල් පහන් 6,06,569 ක් දල්වමිනි. දීපවාලී යනු, නපුර එසේත් නැතිනම් අඳුර පරදා යහපත ජය ගැනීමය.

අයෝධ්‍යා යනු රාම් කුමරුන්ගේ උපන් භූමියයි. රාම් කුමරු, ඔහුගේ සොයුරු ලක්ෂණ, රාවණ පරාජය කිරීමෙන් පසු යළි අයෝධ්‍යාව බලා පැමිණෙද්දී, එම ජයග්‍රහණය සමරමින් සහ ඔවුන්ට මඟ පෙන්වීමක් ලෙස පහන් දැල්වීමක් සිදුවුණු බව මිත්‍යා කථාවල සඳහන් වෙයි.

ඉන්දියාවේ පමණක් නොව, ලොව පුරා හින්දු බැතිමතුන්දීපාවලී නිමිත්තෙන් පහන් දැල්වීම සිදුවන්නේ ඒ අනුවය.

අයෝධ්‍යා වැසියන් මෙම ගිනස් වාර්තාව පිහිටුවූයේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත රජයේ උපදෙස් අනුවය. අයෝධ්‍යාව පිහිටා ඇත්තේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේය. කොරෝනා වසංගතය හේතුවෙන් මුහුණු ආවරණ පැලදීම සහ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් දීපවාලී සැමරීම සිදුවිය.

ලක්නව්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS