තරුණ තරුණියන්ටත් කොරෝනා අවදානම්



යොවුන් වියේ පසුවන්නන්ට ද කොරෝනා වෛරසයේ අවදානමෙන් නිදහස් විය නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවමින් කියා සිටියේය.

අවධානමට ලක්විය හැකියැයි වඩාත් සැකකරන පුද්ගලයින් සමග සමීප සබඳතා පැවැත්වීමෙන් වළකින්නැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ‍ ලොව රටවල තරුණ තරුණියන් සෞඛ්‍ය අනතුරු ඇඟවීම් නොසළකා හරින බව ය.

එම නිසා තරුණයින් විසින් ගනු ලබන තේරීම් “වෙනත් කෙනෙකුගේ ජීවිතය හා මරණය අතර වෙනස” තීරණය කරනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.

ලොව පුරා පැතිර යන මෙම වසංගත ත්තවය හමුවේ බොහෝ රටලව ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී ඇත්තේ බොහෝ රටවල් වසා දැමීමට, හදිසි තත්ත්ව සහ ඇඳිරි නීති පැනවීමට තීරණය කිරීමක් සමගිනි.

( තිළිණි ද සිල්වා)
ගාඩියන් ඇසුරෙනි


RECOMMEND POSTS