ඩුබායි නිදහස් සමරුම



මෙරට හැත්තෑවෙනි නිදහස් සමරුම හා ඩුබායි සහ උතුරැ එමිරේ⁣ටයේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය පිහිටුවා වසර 25 ක් පිරීම සමරමින් එම කොන්සල් ජනරාල කාර්යාලය සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවය ඉකුත් 04 වැනිදා බර්ජ් කලීෆා හි අර්මාන් හෝටලයේදී   අති උත්කර්ෂවත් ලෙසින් පැවැත්විණි.

ඩුබායි හි විවිධ වෘත්තීයන් හි නිරත ලාංකීය ප්‍රජාව, ඩුබායි පරිපාලනයේ බලධාරීන් , එමිරේටයේ වෙසෙන රටවල් 50ක රාජ්‍යතාන්ත්‍රිකයින් සහ ඩුබායි ව්‍යවසායකින් ඇතුළු සම්භාවනීය අමුත්තන් 400 කගේ සහභාගීත්වයෙන් පැවති මෙම නිදහස් සැමරුම ඩුබායි හී ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් චරිත යට්ටෝගොඩ මහතා ගේ සහ එම කාර්යාල නිලධාරීන් ගේ මෙහෙය වීමෙන් සංවිධානය කෙරිනි.

ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ඩුබායි හි වෙසෙන ලාංකීය ප්‍රජාව අතුරින් සිංහල , දෙමළ , මුස්ලිම් සහ බර්ගර් යන ජාතීන් නියෝජනය කරන ලාංකීයන් සිව්දෙනෙකු විසින් සාම්ප්‍රදායික පොල් තෙල් පහන දල්වමින් මෙම සැමරුම් උත්සවය ආරම්භ කිරීම විශේෂත්වයකි.

ජාතික ධජය ඔසවා නිදහස් උත්සවය සැමැරීම එදිනම (04) පෙරවරැවේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාල පරිශ්‍රයේ පැවැත්වුණු හෙයින් මෙම විශේෂ උත්සවයේ දී. ලංකාවේ සංචාරක ආකර්ෂනය විදහා දැක්වෙන විනාඩි 5 ක වීඩියෝ පටයක් , දේශීයත්වය විදහා දක්වමින් නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහ නර්තන කණ්ඩායමේ නර්තනාංගද, අර්මානි හෝටලයේ සේවය කරන ලාංකිය ප්‍රධාන සූපවේදීන් විසින් සැකසූ දේශීය ආහාර වේලක රස පැමිණි අමුත්තන් අත්විදින්ට ලංකා කොන්සල් ජනරාල කාර්යාලය පියවර ගැණිනි.

පැමිණි සියලු සම්භාවනීය අමුත්තන් පිළිගනිමින් ඩුබායි සහ උතුරු එමිරේටය බාර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් චරිත යට්ටෝගොඩ මහතා කියා සිටියේ වත්මන් රජය විසින් හදුන්වා දුන් වසර 2025 දී පොහොසත් රටක් දැක්ම පදනම් කර ගනිමින් ලංකාව දැනුම පචනම් කරගත් ආයෝජන ඉලක්කයන් සපුරා ගැනීමට කටයුතු කරන බවය.

ඒ සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අනගිභවනීය මෙහෙයවීම උපරිමයෙන් හිමිවන බවද හෙතෙම කියා සිටියේය.

එසේම එමි⁣රේටය සහ ලංකාව අතර තානාපති සබදතා දීර්ඝ කාලයක සිට ඇරඹූ බවත් එම සබදතා  මුල් කරගනිමින් දෙරට අතර ද්විපාර්ශික වෙළද ගනුදෙනු වල වටිනාකම ඇමෙරිකා ඩොලර් බිලියන 1.34 ඉක්මවා ගොස් ඇති බව ද යට්ටෝගොඩ මහතා කීය.


RECOMMEND POSTS