ගීතාංජලී - 2020 සොදුරු ගී සර



අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා සබැඳි අබුඩාබි ශ්‍රී ලංකා සංස්කෘතික පදනම මඟින් සංවිධානය කරන ලද ගීතාංජලී - 2020 සොදුරු ගී සර සංගීතමය වැඩ සටහන පසුගිය ජනවාරි 24 වන දින අබුඩාබි ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී අති සාර්ථකව නිමාවට පත්විය.

 

 

විශාරද ශසිකා නිසංසලා හා ආත්මා ලියනගේ එකම වේදිකාවකට එක්වෙමින් වැලි කතරේ සප්ත ස්වරය දිගහරින්ට විය. ඒ සදහා සුභාවිත ගීතය ප්‍රියකරන ශ්‍රී ලංකික ප්‍රජාවේ උණුසුම් සහභාගීත්වයක් දක්නට ලැබීණි.

 

අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ගරු තානාපති මජින්තා ජයසිංහ මැතිතුමා ඇතුළු ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් ඇරඹි ගීතාංජලී - 2020 සොදුරු ගී සර සදහා එදා මෙදා තුර සුභාවිත ගී රසාස්වාදය සදහා සහභාගී වූ වැඩිම සහභාගීත්ව දක්නට ලැබුණි.

සේනක මෙන්ඩිස් ප්‍රමුඛ Faith Live සංගීත කණ්ඩායම වාදනයෙන් මනා දායකත්වයක් ලබා දුන් අතර අබුඩාබි මෙෂාන් දිසානායක රංගායතනයේ දරු දැරියන් වැඩ සටහන අලංකාරවත් කිරීම සදහා නර්ථනයෙන් දායකත්වය ලබාදෙන ලදී.

වැඩ සටහන මෙහෙයවීමෙන් දොන් කෞෂල්‍ය මහතා තම දායත්වය ලබා දෙන ලදී. එසේ සැමගේ නොමසුරු කැපවීමෙන් අති සාර්ථක වැඩ සටහනක් නිමාවට පත් කිරීමටත් වැලි කතරේ දිවිගෙවන ශ්‍රී ලාංකිකයන්ට අර්ථවත්, අලංකාර ගී සමුච්චයක් ලබා දීමට ද අබුඩාබි ශ්‍රී ලංකා සංස්කෘතික පදනමට හැකිවීම අගය කල යුතුය.

 

 

 

එකට පියඹිය හැකි කුරුල්ලන් එකට එක් වූ විට ඕනෑම අභියෝගයක් සාර්ථකත්වයෙන් නිමාවට පත් කරගත හැකි බව සංස්කෘතික පදනමේ විධායක කමිටුවේ සාමාජිකයින් ගීතාංජලී ගී ප්‍රසංගය හරහා ලොවට පෙන්වා හමාරය.

 

සටහන

EMPBG  

 ජායාරූප - චන්දන මදනායක - අබුඩාබියේ සිට


RECOMMEND POSTS