කැලිෆෝනියාවේ නායයෑමක්



මහ වැසි සමඟ දකුණු කැලිෆෝනියාවේ පළාත් රැසක හටගත් හදිසි ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයෝ 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

පොලිසියත්, ගිනි නිවන හමුදාවත් එක් වී, මඩ තට්ටු යට සිරවී බේරා ගත් ගණන 25 කි. ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් වාර්තා වේ.

මඩ තට්ටුවලින් වැසී ගියේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවරට නුදුරින් පිහිටි මෙන්ටෙසීටෝ නගරයයි. මඩ තට්ටු සහ සුන්බුන් ඉවත් කරමින් සිරවුණු පිරිස් මුදා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

මඩ තට්ටු අතරේ බේරා ගත් පිරිස අතර පිරිස අතරේ 14 හැවිරිදි දැරියක ද සිටින බවත් ඇය බේරා ගැනීමට පැය අටකට ආසන්න කාලයක් පුරා මෙහෙයුමක් සිදු කළ බවත් ගිනි නිවන භටයෝ වැඩි දුරටත් කියා සිටිති.

හදිසියේ හටගත් ජල ගැලීමට හසුවීමෙන් නිවාස 100 කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී ඇතැයි ද පැවැසෙයි. පස් තට්ටුවලින් වැසීමෙන් මාර්ග සියල්ලම පාහේ අවහිර විය.

නිවාස අහිමිවුණු පිරිස් මේ වනවිට සහන කඳවුරුවල රැඳී සිටින බවත් ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන බවත් කැලිෆෝනියා බලධාරීහු කියා සිටිති. මඩ තට්ටු යට සිරවූ පිරිස් සෙවීමට සුනඛයන් යොදා ගන්නා බව ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS