උඩු ගුවනේ ජංජාලයක්



පෘථිවි කක්ෂයට ඔබ්බෙන් අභ්‍යවකාශයේ පැවෙන, අක්‍රිය වී අතහැර දැමුණු රුසියන් චන්ද්‍රිකාවක් සහ චීන රොකට්ටු කොටසක් එකිනෙක ගැටීමේ අවදානමක් පවතී.

චන්ද්‍රිකාව සහ රොකට්ටු කොටස එකිනෙක ගැටී පුපුරා ගියහොත්, පෘථිවි කක්ෂයේ රදවා ඇති චන්ද්‍රිකා බොහොමයකට හානි සිදුවනු ඇතැයි බිය පළ වී ඇත. චන්ද්‍රිකා විනාශ වුවහොත් පෘථිවිවාසී අපගේ දෛනික කටයුතු අඩපණ වනු ඇතැයි ද පැවැසෙ

ආයු කාලය අවසන් වී, අත්හැර දමා ඇති එම රුසියන් චන්ද්‍රිකාව කොස්මොස් 2004 වන අතර, රොකට් කැබැල්ල චීනයේ චැංග් සිංග් රොකට්ටුවට අයත් වූ එකකි. චැංග් සිංග් රොකට්ටුව උඩු ගුවනට යැවීම සිදුවූයේ 2009 දීය.

ටොන් ගණනක් බර මෙම චන්ද්‍රිකාව සහ රොකට්ටුව එකිනෙක ගැටී පිපිරීමක් සිදුවුවහොත්, කිලෝ මීටර් 1,000 ක් පුරා ඇති සියලු දේ විනාශ වී යනු ඇතැයි නාසා විද්‍යාඥයෝ ගණනය කිරීම් අනුව තහවුරු වී තිබේ. කෙසේ නමුත් එවැනි පිපිරුමෙන් පෘථිවියට කිසිදු හානියක් සිදු නොවන බව ද නාසා විද්‍යාඥයෝ සහතික විය.

චන්ද්‍රිකා, ගගක කැප්සියුල, රොබෝ ගවේෂණ යානා ආදී සියලු දේ පෘථිවියේ අධි බලැති ගුරුත්ව බලයෙන් මිදී තල්ලු කිරීමට රොකට්ටු අවශ්‍ය වෙයි. පෘථිවි කක්ෂයට ගිය පසු රොකට්ටුවේ කාර්යය අවසන් වෙයි. යළි භාවිතයට ගැනෙන ඇතැම් රොකට්ටු මුහුදට වැටීමට සිදුවෙයි. රොකට්ටු අයත් රටවල නාවික හමුදා එක් වී ඒවා සොයා ගැනීම සිදු කරයි.

එක්වරක් පමණක් භාවිතයට ගන්නා රොකට්ටු පෘථිවි කක්ෂයේ අතහැර දැමෙයි. අතීතයේ භාවිත කළ චන්ද්‍රිකා බොහොමයක් පමණක් නොව, අභ්‍යවකාශ නැවැතුම්පොළ අක්‍රිය වූ කොටස් ආදිය ද පෘථිවි කක්ෂයේ පාවෙමින් පවතී. මේවා අභ්‍යවකාශ කසල යන නමින් හැදිවෙන අතර, පෘථිවිය වටා මෙම කසල පිරී පවතී.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැදී සිටින ගගනගාමීන් බැහැර කරන මලමුත්‍ර පවා මෙම කසලවලට අයත් වෙයි. ප්‍රමාණයෙන් විශාල චන්ද්‍රිකා සහ රොකට් කැබලි එකිනෙක ගැටීම පමණක් නොව, ඒවායින් ගගනගාමීන් රැදී සිටින අභ්‍යවකාශ නැවැතුම්පොළට පවා තර්ජනයක් පවතී. එහෙයින් අභ්‍යවකාශ ගමන් බිමන් සදහා ද මෙම කසල බාධකයක් වී ඇත.

නාසා ආයතනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS