ඉරානයේ ගංවතුර: 42 ක් මරුට
වයඹදිග ඉරානයේ හටගත් ජල ගැලීම් හේතුවෙන් 42 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මැදපෙරදිග පුවත් සේවා වාර්තා කරයි.
පළාත් 4 ක ප්රදේශ රැසක් ජලයෙන් යටවූයේ නොකඩවා ඇද හැලුණු අධික වර්ෂාව නිසා යැයි ද පැවැසෙයි. තෙහෙරාන් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේ නායයෑම් කිහිපයක් ද සිදුවුණු බවය.
ජල ගැලීම් හේතුවෙන් වැඩියෙන්ම පීඩාවට ලක් වූයේ අජාබ් ෂීර් සහ අසාර් ෂාර් නමැති ප්රදේශ යැයි ද වාර්තා වේ. දිවි ගලවා ගැනීම් සහ විපතට පත්වූවන්ට ආධාර දීම නොකඩවා සිදුවන බව ද වාර්තා වේ.
(බී.බී.සී.)