’ලයිසියම් 29 වැනි සංවත්සරය’



අධ්‍යාපනය යනු මිනිස්සු; සිසුදැරියන් සහ ආයතනයි. ලයිසියම් ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය පිළිබඳ දැක්ම මෙයයි. එය මීට වසර විසි නවයකට පෙර මෙන්ම අදත් සැබෑවක් වී පවතී.

පළමු ලයිසියම් පාසල විවෘත කෙරුණේ නුගේගොඩදී, 1993 ජුනි 14 වැනිදා දිනකය. ජාත්‍යන්තර වශයෙන් පදනම් වූ ඉගෙනුම් අත්දැකීමක් සමඟින් පොහොසත් අධ්‍යාපනික අවස්ථාවක් තම දූ දරුවන්ට ලබා දීමේ අරමුණින්, මාපියන් ලයිසියම් පාසල සමඟ අත්වැල් බැඳගත් අතර, ආරම්භයේ දී ලයිසියම් පාසලට සම්බන්ධ වී සිටියේ පළපුරුදු දක්ෂ ගුරුවරුන් අත්ලොස්සක් පමණි.‍ ලයිසියම් පාසල් ජාලයේ ආරම්භය එසේ සිදුවිය.

ආචාර්ය මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ සංකල්පයකට අනුව, එතුමන්ගේ මඟ පෙන්වීම යටතේ ආරම්භ වුණු ලයිසියම් පාසල් පසුගිය දශක තුනක කාලයේ ලැබූ සාර්ථකත්වය අති මහත්ය.

ලයිසියම් පාසල් ජාලය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සුවිශේෂී දායකත්වය ලබා දී ඇති අතර ඉදිරියටත් එය එසේමය. ලැබූ මෙම සාර්ථකත්වය වෙනුවෙන්, නිර්මාතෘ මෙන්ම සම්බන්ධීකරණ විදුහල්පතිනි ද වන ආචාර්ය කුමාරි ග්‍රේරෝ මහත්මියට ස්තුතිය පුද කළ යුතුය.‍‍‍

නුගේගොඩ නගරයෙන් ආරම්භ වූ ලයිසියම් පාසල් පාසල් ජාලයට අත් පාසල් අදවනවිට වත්තල, පානදුර, රත්නපුර, ගම්පහ, නුවරඑළිය, අනුරාධපුර සහ කුරුණෑගල පිහිටුවා තිබේ. ඊට අමතරව නගර බොහොමයක ලයිසියම් ශාඛා ස්ථාපිත කර තිබේ.
අද ලයිසියම් ජාත්‍යන්තර පාසල් ශ්‍රී ලංකාවේ අංක එක වී හමාරය. සෑම වසරකම ලයිසියම් පාසල් සිසුන්ට මනා අධ්‍යාපනයක් ලබා දීමට කැප වන්නේ, ආකර්ශණීය මෙන්ම සවිමත් ඉගැනීමේ වටපිටාවක් ඔවුන්ට පිරිනමමිනි.

ලයිසියම් පාසල සමඟ එක්වුණු පළමු සිසු සිසුවියන් කණ්ඩායම

පසුගිය වසර විසි නවය පුරා, සිසුන්ට ඔවුන්ගේ හැකියාව මෙන්ම රුචිකත්වය යටතේ දැනුම වර්ධනය කර ගැනීමටත්, කුසලතා වර්ධනය කර ගැනීමටත් ලයිසියම් ජාත්‍යන්තර පාසල් ජාලය ඉවහල් විය. ඒ, ලයිසියම් පාසල් ජාලයට සම්බන්ධ වී සිටින අති දක්ෂ අධ්‍යයන කාර්ය මණ්ඩලය ඔවුන්ගේ කැපවීම සහ දායකත්වය නොඅඩුව දරුවන් වෙනුවෙන් ලබා දෙන බැවිනි.

ප්‍රියමනාප කැපවීම, තනි පුද්ගලයෙකු හෝ කණ්ඩායම් සාමාජිකයෙකු වශයෙන් වුවද, අව්‍යාජ ඉගෙනුම් අත්දැකීම් ලබා ගන්නා බහු ඉන්ද්‍රිය උපදෙස් හරහා දියුණු වීමට ඔවුන්ට හැකියාව ලැබේ.


RECOMMEND POSTS