සෞදියේ උපන් අරාබි දිවි පැටවු



අරාබි දිවි පැටවුන් දෙදෙනෙකු උපත ලබා ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

සෞදි අරාබියේ ස්වභාවික සමතුලිතතාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සිදුකරනු ලබන පරියේෂණවල නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ගැහැණු අරාබි දිවි පැටවුන් දෙදෙනෙකුගේ උපත සෞදි අල්-උලාරාජකීය කොමිසම නිවේදනය කළේය.

තවත් ගැහැනු සතකු පසුගිය ජුලි මාසයේ අරාබි දිවියන් අභිජනන මධ්‍යස්ථානයේදී උපත ලබා වසරකට පසුව මෙම පැටවුන් දෙදෙනාගේ උපත සිදුවී ඇත.

අරාබි අර්ධද්වීපයට ආවේණික දිවියන්ගේ උප විශේෂයක් වන අරාබි දිවියා සෞදි අරාබිය, ඕමානය සහ යේමනය අතර ප්‍රධාන වශයෙන් දඩයම් කිරීම සහ වාසස්ථාන අහිමි වීම හේතුවෙන් 200 කට වඩා අඩු සංඛ්‍යාවක් ඉතිරිව ඇති බැවින් බරපතල වඳවීමේ තර්ජනයට ලක්ව ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online රියාද් නුවර)

RECOMMEND POSTS