සෞදි කුමරු ඊජිප්තු​වේ



සෞදියේ සල්මාන් කුමරු ඊජිප්තුවේ සංචාරයක් සඳහා පැමිණියේය.

කයිරෝ අගනුවරට ආ සෞදි කුමරු උණුසුම් අයුරින් පිළිගැනීමට ඊජිප්තු ජනාධිපති අබ්​දෙල් ෆාටා සසී කටයුතු කළේය.

කයිරෝ ගුවන්තොටුපොළට සල්මාන් කුමරු පැමිණි අවස්ථාවේ ඊජිප්තු ජනාධිපති ගුවන්තොටුපොළට ගොස් කුමරු පිළිගත්තේ උණුසුම් අයුරිනි.

 ඊජිප්තුවේ ආර්ථික ශක්තිය ලෙස සැලකෙන්නේ සෞදි අරාබියයි.

ඊජිප්තු සෞදි සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් අල් සීසී සහ සෞදි කුමරුන් අතර සාකච්ඡා කයිරෝ අගනුවර ජනාධිපති මාලිගයේ දී පැවැත්විණි.

(අල් ජසීරා)


RECOMMEND POSTS