විශ්ව රූ රැජින වූ අප්‍රිකාවේ කළු කෙල්ල



දකුණු අප්‍රිකා සුරූපිනී 26 හැවිරිදි සොසිබිනී ටුන්සී 2019 විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළැදියාය.

සොසිබිනී ටුන්සී මෙවර විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළැඳියේ, රටවල් 90 ක් නියෝජනය කරමින් තරගයට ඉදිරිපත් වුණු සුරූපිනියන් අභිබවා යමිනි. සොසිබිනී ටුන්සී පරිසර ක්‍රියාකාරිනියකි.

ඊට අමතරව ඇය කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් විරෝධය දක්වමින් හඬ නගන මානව ක්‍රියාකාරිනියකද වෙයි.

මෙවර විශ්ව රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය හිමිවූයේ පුවර්ටෝ රීකෝ රාජ්‍යය නියෝජනය කළ සුරූපිනිය මෙඩිසන් ඇන්ඩර්සන් ය.

තෙවැනි ස්ථානය හිමි වූයේ මෙක්සිකෝ සුරූපිනිය සොෆියා ඇරගන් ය.

අවසන් වටයට ආ සුරූපිනියන් පස් දෙනා අතර කොලොම්බියාව සහ තායිලන්තය නියෝජනය කළ සුරූපිනියන් දෙදෙනා ද සිටී.

විශ්ව රූ රැජින තේරීමේ තරගාවලිය ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා ජනපදයේ ඇට්ලැන්ටා නුවරදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

සුපුරුදු පරිදි ජනප්‍රිය ඇමෙරිකන් නිවේදක ස්ටීව් හාවි, විශ්ව රූ රැජින තරගාවලිය මෙහෙයවූයේය. තරගාවලිය පැවැත්වූයේ ඇට්ලැන්ටා නුවර ටයිලර් පෙරී රඟහලේය.

ඇට්ලැන්ටාහිදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS