Pathaan වාර්තා අලුත් කරයි



සුපිරි බොලිවුඞ් නළු ප්‍රධාන චරිත නිරූපණය කරන, ක්‍රියාදාම චිත්‍රපටය ‘පඨාන්’ ඉන්දීය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් නව වාර්තා රැසක් පිහිටුවීමට සමත් වී ඇත.

මේ වනවිට වැඩිම ආදායමක් ඉපැයූ හින්දි චිත්‍රපටය බවට පත් වී ඇත්තේ ‘පඨාන්’ ය. පළමු දින පහ ඇතුළත ‘පඨාන්’ චිත්‍රපටය ඉපැයූ මුදල ඉන්දීය රුපියල් බිලියන 2.5 (ඇමෙරිකන් ඩොලර් මිලියන 30) කි. ඉන්දියාවෙන් පිට ප්‍රදර්ශනයෙන් ‘පඨාන්’ ඉන්දීය රුපියල් බිලියනයක මුදලක් උපයා ඇතැයි ද වාර්තා වේ.

57 හැවිරිදි ෂාරුක් ඛාන්ගේ සිනමා පටයක් මෙසේ එළිදැක්වීම සිදුවූයේ 2018 වසරෙන් පසුවය. ‘කොවිඞ් 19’ වසංගතයෙන් පසු ඉන්දීය සිනමා කර්මාන්තය නගා සිටුවීමට ‘පඨාන්’ සමත් වී ඇතැයි සිනමා විචාරකයන්ගේ අදහස වී තිබේ.

‘පඨාන්’ චිත්‍රපටයේ සෙසු ප්‍රධාන චරිත අතර දීපිකා පදුකෝන් සහ ජෝන් ඒබ්‍රහම් සිටිති. චිත්‍රපටයේ ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වන්නේ ‘පඨාන්’ නමැති ඉන්දීය සුපිරි ඒජන්තවරයාගේ චරිතයටය. චිත්‍රපටයේ දුෂ්ඨයාගේ චරිතයට පණ පොවන්නේ ජෝන් ඒබ්‍රහම්ය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS