‘පිරිමින්ට පමණයි’ දූපත ලෝක උරුමයක්



ජපානයට අයත් ‘පිරිමින්ට පමණයි’ යනුවෙන් නම් කළ කුඩා දූපතක් යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කිරීමට තීරණය කර ඇතැයි ජපන් රජය කියයි.

ඔකිනෝෂීමා නමැති එම කුඩා දූපත අතීතයේ ‘ෂින්තෝ’ නමැති පූජකවරයාගේ නවාතැන වී ඇත. එදා පටන්, තවමත් මෙම කුඩා දූපත ‘පිරිමින්ට පමණක්’ සීමා වී ඇතැයි පැවැසෙයි.

වසර 200 ක ඉතිහාසකට හිමිකම් කියන මෙම කුඩා දූපතේ සාම්ප්‍රදායික උත්සව පැවැත්වෙයි. ඒ දැඩි නීති රීති යටතේය. දූපතට පැමිණෙන පිරිමින් නිරුවතින් දූපතේ සැරිසරන බව ද වාර්තා වේ.

එක් පිරිසකට පමණක් සීමා වූ කුඩා දූපතක් යුනෙස්කෝ ආයතනය මැදිහත් වී, මේ අයුරින් ලෝක උරුමයක් ලෙස නම් කර, එය ආරක්ෂා කිරීමට පෙළඹීම ගැන ඇතැමුන්ගෙන් විවේචන එල්ල වී ඇත.

(රොයිටර්)

 


RECOMMEND POSTS