‘ග්‍රම්පි කැට්’ මැරිලා



කලකිරුණු, එල්ලාගත් මුහුණක් තිබීම නිසා අන්තර් ජාලය හරහා ‘ග්‍රම්පි කැට්’  යන නමින් අතිශය ජනප්‍රිය වූ ඇමෙරිකන් බැළලිය මියගිය බව විදෙස් පුවත්සේවා වාර්තා කරයි.

ඇරිසෝනා ජනපදයේ සිටි මේ බැළලිය ජනප්‍රිය වූයේ 2012 වසරේ සිටය. ලොව පුරා මිලියන ගණනකට සිනාසෙන්න උදව් කළ චරිතයක් ලෙස මේ ග්‍රම්පි කැට් සැලකෙයි.

බැළලිය මියයද්දී වයස අවුරුදු 7 කි. පශු වෛද්‍යවරුන් පවසා ඇත්තේ ආසාදන තත්ත්වයක් හේතුවෙන් මරණය සිදුවුණු බවය. මෙම බැළලියගේ පෙනුම කලකිරුණු නපුරු පෙනුමක් ගෙන ඇත්තේ ජාන විකෘතිතාවක් නිසා යැයි ද පැවැසෙයි.

සැන් ෆැන්සිස්කෝ මැඩම් තුසූද් ඉටි කෞතුකාගාරයේ මෙම ‘ග්‍රම්පි කැට්’ බළලියගේ ඉටි රූපයක් පවා ඇත.

(රොයිටර්ස්)


RECOMMEND POSTS